දැන් ඕනෑම සමාගමකට මෙරටට තෙල් ගෙන්වන්න පුළුවන් – අගමැති රනිල් (VIDEO)

Date:

මෙරටට ඛනිජතෙල් ගෙන්වීම සම්බන්ධයෙන් පැවති ඒකාධිකාරය රජය විසින් වෙනස් කර ඇති බවත් මේ වනවිට ඕනෑම සමාගමකට මෙරටට ඉන්ධන ගෙන්වීමේ අවස්ථාව ලබාදී ඇති බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“රුසියාව යුරෝපයට තෙල්, ගෑස් දෙන එක නැවැත්තුව නිසා දැන් යුරෝපයට මැදපෙරදිගින් ඔක්කොම මිලදී ගන්නවා. ඊට අමතරව චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව යන රටවලුත් ඉන්ධන ලබාගන්න එතනට එනවා. දැන් මහා පොරයක් තියෙන්නෙ. ඉන්දියාවටත් තවම විශ්වාසයක් නෑ කොහොමද හොයාගන්නෙ කියලා. රුසියානු තෙලුත් මදිවෙලා තියෙන්නෙ. ඉතින් ඒ තත්වය මැදට අපි ඇවිල්ලා තියෙන්නෙ. අපිට එවෙලෙම ගන්න බැරිවුණොත් අපට ඊළඟ සැරේ ගන්න කල් යනවා. දැන් අපේ ප්‍රධානම එක රටේ ජනතාවට තෙල් ලබලා දෙන එක. තෙල් ගෙනත් දෙන්න පුළුවන් නම් වෙන ඕනෑම සමාගමකට අපි ඒකට ඉඩදීලා තියෙනවා. ඒකාධිකාරිය වෙනස් කරලා අපි ඉඩදීලා තියෙනවා ඕනෑම සමාගමකට තෙල් ගේන්න ලංකාවට”

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (29) ජනමාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවකදී ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...