දිවයින පුරා ඉන්ධන බෙදා හරින්න IOC සමාගම සියලුම ටැංකි රථ සේවයට කැඳවයි!

Date:

IOC සමාගමට අයත් දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීමට කටයුතු යොදා ඇති බැවින් එම සමාගමේ ලියාපදිංචි වී සිටින සියලුම ටැංකි රථ හෙට (01) සේවයට වාර්තා කරන ලෙස එම රථ හිමියන්ට සමාගම දැනුම් දී තිබේ.

ලංකා ඛණිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය විසින් මේ බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

මේ අතර පවතින ඉන්ධන අර්බුදය හමුවේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා IOC සමාගමෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 7500ක පමණ ප්‍රමාණයක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබෙන අතර ඊට අදාළ ගෙවීම්ද සිදුකර ඇති බව සඳහන්.

කෙසේවෙතත් රජයේ තීරණය අනුව තවදුරටත් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන නිකුත් කිරීම අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තේරුම් කමිටුව නිර්භිත විය යුතු සහ හෘද සාක්ෂියට අවංක විය යුතු මොහොතක්

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: සිම්බාබ්වේ යන්නෙ බංගලින්ගෙන් කාලාශ්‍රී ලංකාව...

කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද? – පුබුදු ජයගොඩ

රටේ වත්මන් දේශපානලන තත්වය සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා පෙරටුගාමී...

රාජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...