වැසි තත්ත්වයේ වැඩිවීමක් – අද (17) කාලගුණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 17, කොළඹ LNW :

අද (17) සිට ඉදිරි දිනවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු, උතුරු මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර යන පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ප්‍රකාශ කෙරුණි. උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර යන පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක් තද වැසි ඇති විය හැකි බවයි.

සෙසු ප්‍රදේශවල පස්වරු 01න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අතිරේක භෝග සඳහා පොහොර සහනාධාරය දෙන්නේ කුඹුරු ඉඩම්වලට විතරයි. හේන්වලට නෑ – ඇමති ලාල්

සටහන - රුවන් නෙළුගොල්ල අතිරේක භෝග හේන්වල වගාකිරීමේදී පොහොර සහනාධාරය...

හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගමට ඇප ලැබුණත් යළි බන්ධනාගාරයට

සටහන - රුවන් නෙළුගොල්ල රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ...

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

Other Worlds: Stranger Things හි නව පරිච්ඡේදයක්!

ශ්‍රී ලංකා – කසකස්තාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය අනුර කරුණාතිලක

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: දසවැනි පාර්ලිමේන්තුවට අදාළ ශ්‍රී...