ගාස්තු වැඩි කළාට දුවන්න බස් නෑ, මිල වැඩි කළාට ඉන්ධන නෑ, මෙහෙම ආණ්ඩු මොකටද ? – බස් ගැමුණු

Date:

ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වනවිට මගී ප්‍රවාහන කටයුතු සඳහා භාවිතා කරන බස් රථවලින් 90% කට වැඩි ප්‍රමාණයක් ධාවනය නොවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

එසේ තිබියදී යළිත් බස් ගාස්තු ඉහළ දමා ජනතාව තවදුරටත් පීඩාවට පත් කිරීම අසාධාරණ බවයි ඔහු සඳහන් කරන්නේ.

ඉන්ධන නොමැති අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමූ ආණ්ඩුව, බස් ධාවනය නොවන තත්වයක් තුළ බස් ගාස්තු ඉහළ දැමීමටද කටයුතු කර ඇති බව පෙන්වා දෙන ගැමුණු විජේරත්න මහතා, මෙවැනි ආණ්ඩුවකින් රටට අත්වන ඵලය කුමක්දැයි විමසා සිටිනවා.

ඉන්ධන නොමැතිවීම හේතුවෙන් බස් ධාවනය සැළකිය යුතු අන්දමකින් සීමා කර ඇති නිසා ධාවනය වන බස්රථවල පිටුපස එල්ලී හෝ වහළයට නැගී හෝ ගමන් කිරීමට මගීන්ට සිදුව ඇති බවත්, කෙසේ නමුත් ඔවුන්ටද ආසනයක වාඩි වී සැප පහසු ලෙස ගමන් කරන මගියා ගෙවන ගාස්තුවම ගෙවීමට සිදුව ඇති බවත් ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරනවා.

අවම වශයෙන් මගී බස් රථවලින් 75% ක් හෝ ධාවනයට එක්වන තෙක් බස් ගාස්තු ඉහළ දැමීම ප්‍රමාද කිරීම වඩාත් සුදුසු බවයි ඔහු පවසන්නේ. විශේෂයෙන් අවම බස් ගාස්තුව රුපියල් 40 ක් දක්වා ඉහළ දැමීම හේතුවෙන් එවැනි කෙටි ගමන් පා ගමනින් යාමට මගී ජනතාව පෙළඹෙන බැවින් එය බස් කර්මාන්තයට දැඩි ගැටලුවක් වන බවද ඔහු පෙන්වා දෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්සත් ජනපදය විසින් සපයන ලද දිගු දුර මිසයිල රුසියාවට එරෙහිව භාවිතා නොකළ යුතු බවට පෙන්ටගනය නිවේදනය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 24: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ ඉලක්ක වෙත...

සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට කාර්ය සාධක බලකායක්. වසර දෙකක ඉලක්කයක්!

කොළඹ LNW:සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ජනාධිපති කාර්යය සාධක බලකායක්...

තැපැල් වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අවසන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 24, කොළඹ LNW: අද (24) අමාත්‍යවරයා සමග...

පකිස්ථාන විදේශ අමාත්‍යවරයා සහ බංග්ලාදේශ නිලධාරීන් අතර සාකච්ඡා

රෂිකා හෙන්නායක අගෝස්තු 24, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පකිස්ථාන විදේශ අමාත්‍යවරයා...