අළුබඳුනේ හොඳම උඩ පන්දුව ….

Date:

ෆොසිල ඉන්ධන භාවිතය නවත්වන්න (Just Stop Oil!) කියල බ්‍රිතාන්‍ය ආණ්ඩුවට බලකරලා පරිසර ක්‍රියාකාරීන් පිරිසක් අද අළු බඳුන කුසලානේ දෙවැනි තරගය තිබ්බ ලෝඩ්ස් ක්‍රීඩාගණයට කඩා වැදිලා. ඉතින් මේ යක්කු එලොවක් මෙලොවක් නැතුව ලෝඩ්ස් ක්‍රීඩාගනයේ එහෙ මෙහෙ දුවනකොට සහ මොකක්දෝ පාට කුඩක් හලනකොට තණතිල්ලට හානි වෙන්න පුළුවන් හින්ද එංගලන්ත කණ්ඩායමේ ජොනී බැයස්ටොයි බෙන් ස්ටොකුයි එකතුවෙලා මුන් ටික උස්සගෙන ඇවිල්ල පිටියේ සීමාඉරෙන් එහා තියල.

යුරෝපය ඇතුලේ ගැඹුරින් ගෝලීය පරිසර ප්‍රශ්නේ ගැන සංවේදී ක්‍රියාකාරීන් පිරිසක් දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉන්නවා. මම හිතන්නේ හිපි ව්‍යාපාරයේ ඉඳල මේ ප්‍රශ්නේ ගැන කතිකාවක් මේ රටවල තියනවා. ඒ නිසා මේ ක්‍රිකට් ගහන ගොඩක් අය මේ ගැඹුරු ගෝලීය පැවැත්මේ පැතිකඩ ගැන සවිඥාණිකයි.

ඒ නිසා මේ ක්‍රියාකාරීන්ට ගුටි දීල අක්‍රිය කරන්න හදනවට වඩා එයාල මේ අයට තියන ලව් එක තමයි මේ පෙන්නන්නේ. එකම දේ එංගලන්තේ බැට් කර කර ඉන්නකොට මුං එහෙ මෙහෙ දුවල පිච් එක පළුදු උනොත් හම යන්නේ බැටාලගේ හින්ද නිසයි එයාල මේ යක්කු කුදලාගෙන එළියට යන්නේ.

ඇත්තටම මේ ප්‍රශ්නේ ගැන අවධානය ගන්න තමයි පරිසර ක්‍රියාකාරීන් මේක කරන්නේ. ඉතිං ජොනී මේ යක්කු උස්සගෙන යන දර්ශනය රූපවාහිනියේ වැටෙද්දී මේ අයට අවශ්‍ය අවධානය ලැබෙන්නේ ඩබල් වෙලා.

ප්‍රේක්ෂකයෝ පවා ලොකු චියර් එකක් මේ දෙන්නට දීල තියෙන්නේ මේ සමකාලීන දැවැන්ත අර්බුදය ගැන සමස්ත සමාජයක් ම සංවේදී හින්ද…

ඒකට අපි… කඳු හොයා හොයා යන්නේ වෙහෙරවල් හදන්න…වෙහෙරවල්….

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...