*
Sunday, May 11, 2025
spot_img

Latest Posts

රගර් හැරමිටිය සහ ඇමතිගේ පිනෝකියෝ නහය

ඉදිරි දින කිහිපය තුළ අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා රග්බි පරිපාලනය සමඟ සාකච්ඡා කර ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාවට නැවත නිල පිළිගැනීමක් ලබා දීමට ලෝක රග්බි සම්මේලනය කටයුතු කරනු ඇතැයි සිතිය හැකියි.නමුත් මෙහිදි වැදගත්ම මැදිහත්වීම කළ යුතුව ඇත්තේ ක්‍රීඩා අමාත්‍යවරයා සහ ඔහුට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවේ සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායමයි.එසේම අමාත්‍යංශ ලේකම්වරයා ද රාජ්‍ය නිලධාරියෙක් ලෙස මේ ප්‍රශ්නයේ ස්වභාවය සහ අමාත්‍යංශය පැත්තෙන් සිඳු වූ හැසිරීම් ගැන නිවැරදි අර්ථකථනයක් ලබා දීමට කටයුතු කළ යුතුයි.
අමාත්‍යවරයා ලංකාවේ පිළිගත් රග්බි ව්‍යවස්ථාවට අනුව ඡන්දය භාවිතා කරන්නන් විසින් ලබා දුන් ඡන්දයෙන් පත් වූ රග්බි සම්මේලනය විසුරුවා හැරීමත් සමඟ ජාතික ඔලිම්පික් කමිටුව එම නිල සංවිධානය හැරෙන්නට අමාත්‍යවරයා විසින් පත් කරන ලද ස්ථාවරකරන කමිටුව පිළි නොගන්නා බව ජාත්‍යන්තර රග්බි සම්මේලනයට දන්වා සිටියා.ජාත්‍යන්තර වශයෙන් ඔලිම්පික් ක්‍රිඩාවක් ලෙස පිළිගැනෙන රග්බි ක්‍රීඩාවේ ජාත්‍යන්තර සම්මේලනය පවතින්නේ ද,ජාත්‍යන්තර ඔලිමිපික් කමිටුව යටතේ බැවින් එම සංවිධානයේ දේශිය නියෝජිතත්වයේ අදහසට ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ඇහුං කං දීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙනවා.

අතිශයින් පෞද්ගලික කරුණක් නිසා ශ්‍රී ලංකා නිල රග්බි සභාපතිවරයා සහ ආසියානු සභාපතිවරයා අතර ඇති ගැටුමක් පදනම් කරගෙන,සිය රටේ රග්බි ක්‍රීඩාව වෙනුවෙන් පෙනී සිටින රග්බි සම්මේලනය සමඟ සිට ගැනීම වෙනුවට,රග්බි කීඩාවේ චෝදනාලාභි පිරිස් සමඟ එකතු වී ආසියානු සභාපතිවරයාගේ අවමනාවන්ට නැටවෙන රූකඩයක් බවට පත් වී තිබෙන ක්‍රීඩා අමාත්‍යවරයා පත් කරන ලද ස්ථාවරකරණ කමිටුව ගැන ලෝක රග්බි සම්මේලනය අවධානය යොමු කරන්නේ නැහැ.

ජාත්‍යන්තර රග්බි සම්මේලනය නිල ශ්‍රී ලංකා රග්බි සම්මේලනය පත් කළ ප්‍රධාන විධායක හසන් සිංහවංශ සම්බන්ධයෙන් අමාත්‍යවරයා පත් කරන ලද ස්ථාවරකරණ කමිටුව පවසන දේ නොසළකා ශ්‍රී ලංකාවට පැමිණීම සහ අවශ්‍ය සාකච්ඡාව සූදානම් කිරීමේ වගකීම පවරන්නේත් ඔහුටයි.තමන්ට අභිමතය පරිදි කියා ඇති පදයට ඉදිරයෙන් කළ යුතු බොහෝ ක්‍රියාමාර්ග වෙනුවට අධිපතිවාදීව හැසිරෙන අමාත්‍යවරයාට ජාත්‍යන්තර සම්මේලනයේ මේ ක්‍රියාකාරකම් බුද්ධිමත්ව කියවා ගැනීමට හැකිනම් මේ සාකච්ඡාවල ප්‍රතිපලය යහපත්වීම මෙන්ම මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ රගර් නියෝජනය යථාර්තයක් කර ගන්නට ශ්‍රී ලංකාවට හැකියාව ලැබේවි.
මෙහිදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ සමයේ සිටම ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරු සහ ආසියානු රගර් සභාපතිවරයා ජාත්‍යන්තර රගර් නීතියට අනුව මෙරට රගර් නියෝජිතත්වය නොසළකා, ශ්‍රී ලංකාවේ රගර් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පරිපාලනයට උඩින් සිට කළ බලපෑම් ද,එසේ කරන්නට උත්සාහ කළ අවස්ථාද සාකච්ඡාවට ගැනෙනු ඇත.මේ සම්බන්ධයෙන් දැනටමත් ජාත්‍යන්තර රගර් සම්මේලනයේ අවධානය යොමු වී ඇති අතර ශ්‍රී ලංකා ඔලිම්පිත් කමිටුවේ ද අවධානය සහ මැදිහත්වීම ක්‍රියාත්මකව ඇත.

නිල වශයෙන් පත්වන රගර් පරිපාලනයක ස්වාධීනත්වය අහෝසි කිරීමට එරට දේශපාලන අධිකාරිය සමඟ එක්ව කටයුතු කිරීම සහ බලපෑම් කිරීම ගැන ආසියානු සභාපතිවරයාට ද මෙහිදී යම් වගකීමක් පැවරෙනු ඇත.ඒ අනුව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර රගර් ඉදිරියේ ආසියානු සභාපතිවරයාට ද යම් ආකාරයක නිදහසට කරුණු දැක්වීමක් කිරීමට සිදුවන තත්ත්වයක,ක්‍රීඩා අමාත්‍යවරයා සුපුරුදු පරිදි ලංකාවේ ක්‍රීඩාවේ වෙන දේ තීරණය කරන එකම බලධාරියා මම යන න්‍යායෙන් කටයුතු කරන්නට ගියහොත් ශ්‍රී ලංකාවේ රගර් තහනම ඉවත් නොවීම මෙන්ම ආසන්න වශයෙන් තිබෙන ආසියානු ක්‍රීඩා උළෙල වෙනුවෙන් ශ්‍රී ලංකා සහභාගීත්වයද සිඳු නොවීමට ඉඩ ඇත.

ඒ නිසා මේ ගැටළුව ජාත්‍යන්තර රගර් සම්මේලනයේ හැඩරුව තේරුම් ගෙන ඔවුන්ගේ නියෝජිතයන් වශයෙන් මේ පොළවේ වැඩ කරන රගර් පරිපාලනයට ඔවුන්ගේ නිදහස පවරා තමන්ගේ සීමාව නිවැරදිව තේරුම් ගැනීමෙන් පමණක් ගැටළුව නිරාකරණය කරන්නට අමාත්‍යවරයාට හැකියාව ඇත.ඔහු සිය හැරමිටිය ගැන තරමටම අනෙකාගේ නහය ගැනත් සැළකිය යුතුය.අමාත්‍යවරයා එය මාරු කර සිතන්නේනම් නීතිය හරියට අවබෝධ කර නොගෙන ඔහු කරන ප්‍රකාශ සත්‍යය නොවන බැවින්, අනෙකාගේ හැරමිටියේ දුර තීරණය කළ හැකි නහයක් වෙනුවට ඔහුට ඇත්තේ පිනෝකියෝ නහයක්ය.ඒ නිසා ඇමතිවරයාට අනෙකාගේ හැරමිටිය ගැන නිර්වචන දෙන්නට නොහැකිය.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan