ඉස්සන් ලොක්කන්වීම සහ සෙස්සන්ගේ තත්ත්වය

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 01, (LNW) කොළඹ
:

කකුළුවන් පැටවුන්ට කෙළින් යන්න කියා දීම ගැන උපහාසය මෙන්ම හාස්‍යයද මතු කරන උදාහරණ අප අසා ඇත.ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කේෂ්ත්‍රයේ ජාතික සංගම්වල ප්‍රසිද්ධ රහසක්ව පවතින නුසුදුසු අය යෙහෙන් මුල් පුටුවල වැජඹෙති.රට ගැන තීන්දු තීරණ ගැනීමට නියමිත ජනාධිපතිවරයාගේ සිට අදාළ අමාත්‍යවරු දක්වාම සමීපය වැඩ කරන්නේ ඔවුන්ය.දේශපාලකයන් විසින් ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ ක්‍රියාවට නංවන නිලධාරීන්ද වැඩ කටයුතු කරන්නේ ඔවුන්ව විශ්වාසයේ තබාගෙනය.


මේ ආකාරයට අප දස වසරක පමණ කාලයක සිට රගර් ක්‍රීඩාවෙන් මෙරට අපකීර්තියට පත් කර ජාත්‍යන්තර වශයෙන් දඩයකට යටත් කිරීම,ඒ් ගෙවිය යුතු දඩය මෙරට රගර් සංවර්ධනය පිණිස ජාත්‍යන්තරයෙන් ලබා දෙන මුදල්වලින් අඩු වීම,රගර් පරිපාලනය ණය කර ගිණුම් හින්දුව පිරිස තවත් යහපාලනයන් ගැන කතා කරමින්,තමන්ට බලය වැඩි කර නැවත රගර් පරිපාලනයට ඒ්මට හැකි පරිදි කටයුතු කිරීම ආදිය නොනැවතී සිඳුවන්නේය.

ඒ් කිසිවක් ගැන පරීක්ෂණ නැත.දඬුවම් නැත.එයින් පැහැදිළි වන්නේ විනයක් නැති බවය.ඒ් නිසාම එවැන්නන් ඉහළන් සිටින විට පහතට පැමිණෙන අවවාද මග පෙන්වීම් ආදර්ශමත් නැත.මුලින් සඳහන් කළ ආකාරයට කකුළුවන් පැටවුන්ට කෙළින් යන්න ඉගැන්නීමක් බඳුය.ඒ් නිසා තමන්ව පාලනය කරන්නට සිටින පිරිස සම්බන්ධයෙන් ඔවුන් යහපත් අය නොවන බවට ඇති වී තිබෙන පදනම් මතය සමඟ ක්‍රීඩාවට සම්බන්ධ වන අලුත් පරම්පරාව ඉහළට අවධානය යොමු කරන්නේ සත්භාවයෙන් සහ විශ්වාසයෙන් නොවේය.නිරන්තරයෙන් සැකයෙන්ය.

අත් වැරද්දක් වුව මඟ හැරීමක් වුව සිතා මතා කරන වරදක්,සැළසුම් සහගත බලපෑමක් කර සිතන්නට පෙළඹීම ඒ් තත්ත්වය යටතේ ඇති විය හැකි තත්ත්වයක්ය.මේ අවිශ්වාසය සැබෑ වරදක් ද නැද්ද යන කාරණයට වඩා හිත තුළ ඇති කරන විරෝධය බරපතලය.විද්‍යා විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවති පාසල් රග්බි තරගයේ දී ඇති වූ අවාසනාවන්ත සිඳුවීම අප ඒම සිඳුවීමට පමණක් සීමා කර ගැවුණු අළු සේ පිසලන්නට උත්සාහ කරන්නේනම් එය ගින්න නිවීමක් නොව යළි ඇති විය හැකි ගින්න නොසිතා අළු පිසදැමීමක් පමණි.

වඩා නිවැරදි මිනිස්සු නියෝජනය කරන රට තුළ සිව් අත ව්‍යාප්ත ක්‍රීඩාවක් බවට රගර් පත්කිරීමේ වගකීමට ගිනි හටගන්නා තැන්වල අළු පිසදා පලක් නැත.ගිණි ඇතිවන තැන් නිවා දැමිය යුතුය.නැතිනම් වරදක් සිතා මත කළ ද,වරදක් අත් වැරද්දකින් සිඳු වුව ද,විශ්වාසය පළුඳු වී ඇති පසුබිමක මිනිස්සු හැසිරෙන්නේ සමස්ත වරද සම්බන්ධයෙන්ම හිතේ ඇති වී තිබෙන විරෝධය සහ ක්‍රෝධය සමඟය.

“වෙන රටක එවුන් ලංකාවේ කියලා පෙන්නලා,ලෝකෙ රවටිටගන්න ගිහිං රටට දඩ ගස්සපු උන් මහත්තුරු විදිහට ඉහළින් තියාගෙන අපිට විනය ගැන කියා දෙන්න ද එන්නෙ?” කියා අසන පැනය සහ ඒ් ගැන ඇති විරෝධයට ලක් වන්නේ කාමර ඇතුළේ සිටින මිනිස්සු නොවේය.විනිසුරුවන් සහ විවිධ රාජකාරි සඳහා ශ්‍රී ලංකා රගර් නියෝජනය කරමින් පිට්ටනියට බසින පිරිසය.මේ වන විට ඉහළට පහළින් එල්ල වෙන විරෝධය මේ සිඳුවීමත් සමඟ තව දුරටත් ඉහළ යා හැකිය.එමෙන්ම තරගවලට විනිසුරුවන්ගේ ජීවිත ආරක්ෂාව සඳහා අවශ්‍යය පියවර ගැනීමට රජයට මැදිහත් වන්නට සිඳුවන තත්ත්වයක් ඇති විය හැකිය.
ඉස්සන්ට, සෙස්සන්ගේ පිරිසිඳුකම ගැන පරික්ෂා කිරීමට තව දුරටත් ඉඩ දෙනවාද,නැතිනම් ඉස්සන්ගේ හිස මුදුණේ ඇත්තේ මොනවාදැයි කියා පරික්ෂා කරනවාද යන්න ක්‍රීඩා පරිපාලනයට අදාළ රාජකාරියක්ය.පහර කෑමෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින විනිසුරුවන්ට අපි ඉක්මන් නිරෝගී සුව පතමු.
(ඡායාරූප උපුටා ගැනීම – dailymirror)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දෙපිරිසක් ගැටී අයෙකු මරුට:සැකකරුවන් පලා යයි..

රෂිකා හෙන්නායක අගෝස්තු 02 කොළඹ LNW: ඊයේ (01) සවස් කාලයේදී,...

“විනිවිද කළුවර දිදුලන හදවත” සහ පැමිණි දුක්වල පැණි රස

2025 අවුරුද්දෙ ජුලි 31 හැන්දෑවෙ කොළඹ මහවැලි කේන්ද්‍රයෙ දි...

මහේස්ත්‍රාත් තිලින ගමගේ සේවයෙන් ඉවතට ?

මොරටුව දිසා විනිසුරු / මහේස්ත්‍රාත් වශයෙන් කටයුතු කළ තිලින...

කතරගම දේවාලයේ අක්කර 550 ඉඩමකට කෝටි 2ක බදු පොල්ලකුත් තියා දැදිගමලා ඉල්ලූ අතුරු තහනම ඉවතට !

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයෙන් බදු පදනම මත දැදිගම...