ආණ්ඩුකාරවරුන්ට විපක්ෂ නායක සජිත්ගෙන් අනතුරු හැඟවීමක් ! (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද වන විට රටේ රුපියල් හා ඩොලර් හිඟයක් ඇති තත්ත්වය තුළ මෙරට සියලු දෙනා දේශපාලනිකරණයෙන් තොරව කටයුතු කළ යුතු වුවත් මේ වන විට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා අනීතික දේශපාලන පත්වීම් දෙමින් යන බවත් මැතිවරණ නොපවත්වා අයාලේ යන පළාත් පාලන ආයතනවලට ආණ්ඩුකාරවරුන්ගේ ලිපියෙන් ගෝල බාලයන් පත් කරන සූදුවක් දකුණු පළාතේ ක්‍රියාත්මක බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙවැනි වරදක් සිදු කර නොකරන ලෙස ආණ්ඩුකාරවරුන්ට දන්වන බවත් බංකොලොත් රටක මෙවැනි මුදල් නාස්තිකාර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අයිතියක් නොමැති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, පාසල්වල අඩුපාඩු රැසක් තිබිය දී මුදල් උපයෝගී කර ගෙන අයාලේ යන ඡන්දයක් නොමැති පළාත් පාලන ආයතනවලට තමන්ගේ ගෝලයන් පත් කරන අශිෂ්ඨ ව්‍යාපෘතිය නතර කරන ලෙසත් මේ අනීතික ක්‍රියාවලියට සම්බන්ධ සියලුම ආණ්ඩුකාරවරුන්ට සමගි ජන බලවේග රජයක් තුළ අධිකරණය හමුවේ කරුණු දැක්වීමට සිදුවන බවත් අවධාරණය කළේය.

ආණ්ඩුකාර තනතුරේ ගරුත්වය රැකගෙන මෙවැනි පහත් ක්‍රියාදාම ක්‍රියාත්මක නොකර සීමාසහිත සම්පත් දරුවන්ගේ යහපත වෙනුවෙන් යොදවන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 273 වැනි අදියර යටතේ ගම්පහ මහර වත්තල හුණුපිටිය එඩේරමුල්ල ශාන්ත සෙබෙස්තියන් මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට පසුගියදා (29) එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමේ කණ්ඩායමේ දූදරුවන්ට අවශ්‍ය ඇඳුම් ලබා ගැනීම පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 273 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2980 ක් වැය කර තිබේ. ඒ අනුව මේ වැඩසටහන් තුළින් අගයක් එකතු කෙරුණු සමස්ත පාසල් සංඛ්‍යාව 357 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Muscat Festival ශ්‍රී ලංකාව වෙනුවෙන්මයි!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : ඕමානයේ සිට නිවාඩු...

ජාතික පාරිසරික පනත සංශෝධනය කෙරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : අද (05) ජාතික...

විදේශ රැකියා සහ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 11ක ආදායමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW : 2025 වසරේදී, විදේශ...

හිටපු ඇමති ජොන්ස්ටන්ට අයත් ඉස්කාගාරයකට සීල් තියයි !

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් රෝයල් ඩිස්ටිලරීස් (වයඹ...