*
Wednesday, July 3, 2024
spot_img

Latest Posts

ඉන්දියානු ජාතික සූරතාවලියේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 01, (LNW) කොළඹ :

ඉන්දියාවේ පැවති 63 වන අන්තර් ප්‍රාන්ත ජාතික මලල ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට මීටර් 400 මිශ්‍ර සහය දිවීමේ කණ්ඩායම සමත් වුණා.ඒ් විනාඩි 03:18.18 ක දක්ෂතාවයක් දක්වමින්.මෙම සහය දිවීමේ කණ්ඩායමට රාජිත රාජකරුණා,දිනුක දේශාන්,නදීශා රාමනායක සහ ලක්ෂිමා මෙණ්ඩිස් ඇතුළත් වුණා.ඒම ඉසව්වේ පළමු තැන ඉන්දියානු ඒ් කණ්ඩායමටත් දෙවන තැන ඉන්දියානු බී කණ්ඩායමටත් හිමි වුණා.


මේ අතර ශ්‍රී ලංකාවේ හෙල්ල වීසි කිරීමේ සූරයින් දෙදෙනා වන රුමේෂ් තරංග සහ සුමේධ රණසිංහ යන දෙදෙනාටම හෙල්ල වීසි කිරීමේ ඉසව්ව වෙනුවෙන් අවස්ථාව හිමි වී තිබුණා.එහිදී රුමේෂ් මීටර් 79.39 ක දක්ෂතාවයක් දක්වමින් පස්වන ස්ථානයට පත් වූ අතර මීටර් 78.48 ක දක්ෂතාවයක් දැක් වූ සුමේධ රණසිංහට හයවන තැන හිමි වුණා.


මේ තරග ජූනි 30 වන දා ක්‍රියාත්මක වෙද්දී ශ්‍රී ලංකාවේ ද විශේෂ ඔලිම්පික් තේරීම් තරගාවලියක් සංවිධානය වී තිබුණු අතර ඒය ඉලව් ගෙදරක මධ්‍යම රාත්‍රියක ස්වරූපය ගත්තා.අදාළ ඉසව් සඳහා ඔලිම්පික් තේරිම සුදුසුකමට ආසන්නයේ සිටින ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට තරග වඳින්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇහිදින්නට අවශ්‍යය තත්ත්වයකට පත්ව තිබුණා.


ලංකාවේ මලල ක්‍රීඩාවේ නිරත වන්නන් මෙවැනි අවස්ථාවක තමන්ගේ රටේ සහෝදර ක්‍රීඩකයාට හෝ ක්‍රීඩිකාවට ආශිර්වාදයක් වෙමින් ඔහුගේ හෝ ඇයගේ උපරිමයට යන්නට සහයෝගය ලබා නොදීම කණගාටුදායක තත්ත්වයකි.නිරන්තරයෙන් මලල ක්‍රීඩා සංගමයට දොස් පැවරුවද එවැනි ප්‍රතිපත්ති ඇති අයගේ පාලනයට ඊට වඩා හොඳ තත්ත්වයක් තිබිය හැකිද යන්නත් මෙහිදී මතුවන ප්‍රධාන ගැටළුවකි.


ඔලිම්පික් තේරීම සඳහා විශේෂ මහන්සියක් සහ උනන්දුවක් ගත් බව විශේෂ ඔලිම්පික් තේරීම් තරගයෙන් පෙන්නුම් කෙරුණද ඊට අවශ්‍යය සහභාගීත්වය නොමැති වීමෙන් එය බලාපොරොත්තු වූ ප්‍රතිපලවලට ළඟා නොවුණු බව ඇත්තක් ලෙස පිළිගත යුතුය.එය ඉහත දක්වා ඇති පරිදි මලල ක්‍රීඩා සංගමයට වරද පැටවෙන චෝදනාවක් නොවන අතර එය මලල ක්‍රීඩාවේ නියැලී සිටින සියල්ල විසින් භාරගත යුතු තත්ත්වයකි.
මේ තේරීම් තරගය මලල ක්‍රීඩා සංගමය විශේෂයෙන් මැදිහත් වී ලබා ගත් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ ඊ කාණ්ඩයේ තරගයක් වන අතර ඒහි පළමු වැන්නාට හිමිවන්නේ ලකුණු 25 ක් පමණි.එහෙත් ඉන්දීය ජාතික සූරතාවලියට මේ විශේෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක් කළානම් ලැබෙන ප්‍රසාද ලකුණු ඉහළ වන අතර තරගකාරී පසුබිමක මිට වඩා හොඳ දස්කම් ද මතු වන්නට තිබිණ.


මෙහි වාසිදායක තත්ත්වය තේරුම් ගැනීමට හොඳම උදාහරණය ලෙස ඊයේ ලංකාවේ පැවති කාන්තා හෙල්ල වීසි කිරීමේ සහ පිරිමි හෙල්ල වීසි කිරීමේ තරග ගත හැකිය.ශ්‍රී ලංකාවේ පැවති කාන්තා තරගයේදී නදීශාට එකතු වූ ප්‍රසාද ලකුණු ප්‍රමාණය 25 ක් විය.ඉන්දියාවේදී පස්වන සහ හයවන තැන ලැබූ රුමේෂ් තරංගට ලකුණු 55 ක් සහ සුමේධ රණසිංහට ලකුණු 50 ක් හිමි වන්නේය.ඒ් අනුව අරුණ දර්ශන මීටර් 400 ශ්‍රී ලංකාවේදී ප්‍රමාණාත්මක තරගයක් නැතුව දුවමින් වාර්තා කළ කාලය ඉන්දියාවේදී වාර්තා කරානම් ඒම ක්‍රීඩා උළෙලේ මීටර් 400 ට වඩා හොඳ කාලයක් නිසා පළමු ස්ථානය සමඟ ප්‍රසාද ලකුණු 100 ක් හිමිවෙන්නට තිබිණ.උදාහරණයකට එම කාලය වාර්තා කර අරුණ,ඉන්දියාවේදී දෙවන තැනට පැමිණියද ලැබෙන ලකුණු ප්‍රමාණය තේරීම් තරගාවලියේ දී හිමි වූ ලකුණු 1171 වෙනුවට 1226 ක් වන්නට තිබිණ.


තරුශිගේ ඉසව්වේ දී ද ලැබෙන ප්‍රතිපලය ඉන්දියාවේදී වූවානම් මීට වඩා විශාල වෙනසක් කරන එකක් වීමට තිබිණ.මන්ද ජාතික සූරතාවලියකට හිමිවන බී කාණ්ඩය නිසා මුල් ස්ථාන අටටම ලකුණු හිමිවන අතර ලංකාවේ පැවත් වූ ඊ කාණ්ඩයේ තරගාවලියේ පළමු ස්ථානයකට හිමිවන ලකුණු 25 ට වැඩි ලකුණු ප්‍රමාණයක් එහි අටවන තැනට ද හිමි වන්නේය.


ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා බලධාරීන්ට පමණක් සීමා නොවුණු ප්‍රදර්ශනාකාමී අදහස් බොහෝ විට ප්‍රතිපලදායක තත්ත්වයෙන් පහළ ප්‍රදර්ශනයක් පමණක් වීම රටේ සාමාන්‍ය තත්ත්වයකි.වෙනස් විය යුතු ඒ් ආකල්ප සහ ක්‍රියාවලි කරා කියා පෙන්නීමේ වැඩවලට වඩා පහසුවෙන් ප්‍රතිපල ළඟා කර ගත හැකි වැඩවලට සමීප කළ හැකිනම් ලංකාව මලල ක්‍රීඩාවෙන් පමණක් නොව තවත් කේෂ්ත්‍රවලින් ජයග්‍රාහී තැනකට පත්වන රටක් වනු ඇත.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan