*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ඩයනාට එරෙහි පැමිණිල්ල ගැන යළි විමර්ශන අරඹයි!

සටහන – රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ (LNW):

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් ,ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොවන බව දනිමින්ම වසර 04කට ආසන්න කාලයක් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම විමර්ශන ආරම්භ කර ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් කටයුතු කරමින් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කර අල්ලස් පනතේ සඳහන් දුෂණය නමැති වරද කර ඇති බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර, ලංකාවේ පුරවැසියකු නොවන බව දනිමින්ම ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක හා රාජ්‍ය අමාත්‍යවරියක වශයෙන් කටයුතු කිරීමෙන් රාජ්‍ය මුදල් හා දේපළ අවභාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කර ඇය අවභාවිත කළ මුදල් ආපසු අය කරගන්නා ලෙසත් ඇයට එරෙහිව නඩු පවරන ලෙසත් ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan