MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ගොවීන්ට නොමිලේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 01, කොළඹ (LNW):

බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක්, ලෝක ආහාර වැඩසටහන විසින්, මෙරට ගොවි ජනතාවට නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

UNCTAD (United Nations Conference on Trade And Development ) සංවිධානයේ මෙහෙයවීම මත, මෙම පොහොර තොගය ඉදිරි වගා කන්න දෙකක් තුළ වී වගාව සඳහා ලබා දීමට නියමිතයි.

රජය විසින් එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩ සටහනෙන් කළ ඉල්ලිමක් පරිදි මෙම බණ්ඩි පොහොර තොගය ලැබෙනු ඇති අතර, අද (01) දින ජාතික පොහොර වැඩ සටහන සම්බන්ධව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

වී වගාව සඳහා ඉතාමත් අත්‍යාවශ්‍ය පොහොර විශේෂයක් වන බණ්ඩි පොහොර නොයෙදීම මගින් ගොයම් කහවීම මෙන්ම ගොයම් කරළ නිසි ලෙස වර්ධනය නොවීම සිදූවෙයි. බොහෝ ගොවීන් බණ්ඩි පොහොර වී වගාව සඳහා නොයොදවන බව පෙනී ගොස් ඇති අතර මෙම යල කන්නයේ දී අලෙවි වී ඇත්තේ මෙට්‍රික් ටොන් 400ක් වැනි සුළු ප්‍රමාණයක් බවද සඳහන් වේ.

බණ්ඩි පොහොර මිල රුපියල් 14,000ක් දක්වා ඉහළ මට්ටමක පැවැති අතර රජයට අයත් පොහොර සමාගම් මගින් මෙම මිල රුපියල් 9000 දක්වා අඩු කරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී තිබෙන අතර, ඒ අනුව පසුගිය මහ කන්නයේ සිට බණ්ඩි පොහොර මිල රුපියල් 9,000 බැගින් අලෙවි කරනු ලැබිණි.

කෙසේ වුවද ලෝක ආහාර වැඩ පිළිවෙළෙහි අනුග්‍රහය යටතේ බෙදාහරිනු ලබන බණ්ඩි පොහොර සඳහා වැට් හා මෙහෙයුම් ගාස්තු සඳහා රුපියල් බිලියන 3.5ක් වැය වෙනු ඇතැයි ගණන් බලා තිබෙන අතර, මින් බිලියන 1.1ක් පරිහරණ වියදම් වශයෙනුත්, බිලියන 2.4ක් වැට් බදු වශයෙනුත් වැය කිරීමට සිදුවන බව පැවසේ.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ, මෙම මුදල ලබා ගැනීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද මේ වනවිට ලැබී ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...

දෙව්මිගේ පන්දුව පානදුර දෙසට හැරවුණු ජයග්‍රාහී සුළඟ යළි හලාවත දෙසට හරවයි

නිශ්මං රණසිංහ අගෝස්තු 18, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන කාන්තා...