රමපෝසා එරට නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමපෝසා එරට නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කර තිබෙන බව වාර්තා වේ.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා එරට හිටපු විපක්ෂ නායක ජෝන් ස්ටීන්හුයිසන් නව කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත් කර තිබීම විශේෂත්වයක් බවද පැවසේ.

එමෙන්ම අප්‍රිකා ජාතික කොංග්‍රසයේ ඉනොක් ගොඩොන්ග්වානා මුදල් ඇමතිවරයා ලෙසත් රොනල්ඩ් ලමෝලා ජාත්‍යන්තර සබඳතා හා සහයෝගිතා අමාත්‍යවරයා ලෙසත් පත් කර තිබෙන බව සඳහන් වේ.

රමෆෝසාගේ අප්‍රිකානු ජාතික කොංග්‍රසයට ප්‍රතිවාදී පක්ෂ සමඟ එකතු වී බලයේ රැඳී සිටීමට සිදු වූණේ පසුගිය මැයි 29වනදා පැවති මැතිවරණයෙන් බහුතරය අහිමි වීමත් සමගයි.

ජාතික සමගිය පිළිබඳ ආණ්ඩුවේ නව කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කිරීම සති ගණනාවක් ප්‍රමාද වූ අතර දීර්ඝ සාකච්ඡා වලින් පසුවයි එය නම් කෙරුණේ. ඇතැම් සුළු පක්‍ෂවල නායකයන්ට ද කැබිනට් අමාත්‍ය ධුර ලබා දීමට සිරිල් රමපෝසා කටයුතු කර තිබුණු බව එරට මාධ්‍ය වාර්තා කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...