ඉන්ධන මිල ඉහළට !

0
723

සටහන – රුවන් නෙළුගොල්ල

ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් ඉහළ නංවා අතර එහි නව මිල රුපියල් 305කි.

ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා අතර එහි නව මිල රුපියල් 289කි.

ලංකා භූමිතෙල් මිල ද රුපියල් 07කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 185ක් වේ.

සුපිරි පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිලේ වෙනසක් සිදුකර නොමැත.