*
Saturday, September 21, 2024
spot_img

Latest Posts

දේශීය පුවත් විස්තරය: සාරාංශය 07/01

  1. වහා ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කරයි: පෙට්‍රෝල් 92 ලීටරය රු. 10 කින් ඉහළට, නව මිල රු. 328: පෙට්‍රෝල් 95 ලීටරය රු. 20කින් පහළට, නව මිල රු. 365: ඔටෝ ඩීසල් ලීටරය රු. 02 කින් පහළට, නව මිල රු. 308: සුපර් ඩීසල් ලීටරය රු. 06 කින් ඉහළට, නව මිල රු. 346: භූමිතෙල් ලීටරය රු. 09 කින් පහළට, නව මිල රු. 236.
  2. 2023 සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාව එහි බංකොලොත්භාවයෙන් මිදෙනු ඇති බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශ්වාසය පළ කරයි: විශේෂයෙන්ම දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන ඇතුළු රජයේ වැඩසටහන්වලට සාමූහික සහාය ලබාදෙන මෙන් ඉල්ලා සිටියි.
  3. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, සමඟි ජන බලවේගයේ පා.ම. හර්ෂ ද සිල්වා රජයේ දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන අනුමත කරයි: මෙම යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ජූලි 01 වන දින පැවැත්වීමට පක්ෂ නායකයෝ තීරණය කරති.
  4. කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) විසින් මනිනු ලබන උද්ධමන අනුපාතය, 2023 මැයි වල තිබූ 25.2% ට සාපේක්ෂව 2023 ජූනි වන විට 12% දක්වා පහත වැටී ඇති බව ජන සංගණන දෙපාර්තමේන්තුව පවසයි: මෙමඟින් ඉහළ “මූලික බලපෑමක්” (base effect) ඇති බවට පසක් වේ: ආහාර උද්ධමනය මැයි වල තිබූ 21% ට සාපේක්ෂව ජූනි වල 4% දක්වා පහත වැටී ඇති අතර, ආහාර-නොවන උද්ධමනය මැයි වල තිබූ 27% ට සාපේක්ෂව ජූනි වල 16% දක්වා පහත වැටී ඇත.
  5. අද දින සිට ක්‍රියාත්මකවන පරිදි විදුලිය ගාස්තු 14.2% කින් පහත දැමීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දෙයි: ගාස්තු සංශෝධනයන් මෙසේ ය: ඒකක 0 – 30 පරිභෝජනය කරන්නන්ට – 65%; ඒකක 31 – 60 අතර පරිභෝජනය කරන්නන්ට – 51%; ඒකක 61 – 90 අතර පරිභෝජනය කරන්නන්ට – 24%; හෝටල් අංශය – 26%; කර්මාන්ත කාණ්ඩය – 9%; වාණිජ ගොඩනැඟිලි – 5%; ආගමික කාණ්ඩය – 16%; රජය – 0.8%.
  6. ගතවූ මාස 06 තුළ රට තුළින් මැලේරියා අසාදන 20ක් හමුව ඇති බව මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.
  7. දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමකින් තොරව විදෙස් ණය ප්‍රතිව්‍යූහගත කිරීම සාර්ථක නොවනු ඇති බව භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන පවසයි: බැංකු පද්ධතිය සහ සේවක අර්ථසාධක අරමුදල යන දෙකම ආරක්ෂා කිරීම කෙරේ රජය ප්‍රමුඛතාවය ලබා දෙන බව පවසයි.
  8. ආරක්ෂාව සම්බන්ධයෙන් පැණනඟින තර්ජනයන් පිළිබඳව පොලීසියට දැනුම් දී උපකාර බලාපොරොත්තු වීමට උනන්දුවක් දක්වන පුද්ගලයන් අඩු වීම, මේ වන විට ඉහළ යමින් පවතින වෙඩි තැබීම් ඇතුළු අපරාධ මර්දනය කිරීම කෙරේ බරපතල ගැටළුවක් වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
  9. නූතන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි දික්කසාද නීති සංශෝධනය කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බව එම අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා පවසයි: වත්මන් දික්කසාද නීතියේ පවතින සංකීර්ණතා අවම කළ හැකි සංශෝධනයන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද පවසයි.
  10. ICC ක්‍රිකට් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ සුපර් සික්ස් තරඟයේ දී ශ්‍රී ලංකාව නෙදර්ලන්තය ලකුණු 21 කින් පරාජය කරයි: ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 213 (පන්දුවාර 47.4): ධනංජය ද සිල්වා 93, දිමුත් කරුණාරත්න 33, මහේෂ් තීක්ෂණ 28: නෙදර්ලන්තය – සියලු දෙනා දැවී 192 (පන්දුවාර 40) ): මහේෂ් තීක්ෂණ 31/3, වනිඳු හසරංග 53/2.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan