පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට අදාළ අයදුම් පත් කැඳවයි .

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජූලි 04 වැනිදා සිට පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වන අදියර සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා . අගෝස්තු 07 වැනිදා දක්වා මේ සඳහා අයදුම්පත් යොමු කිරීමේ හැකියාව පවතින අතර ,  2019/ 2020/ 2021 වර්ෂයන්හි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද උසස් පෙළ විභාගය සමත් සිසුන්ට අවස්ථාව හිමි වන බව සඳහන් වේ.

අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ, එම අයදුම්පත් www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි අතර පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ ශිෂ්‍ය අත්පොත පරිශීලනය කර අදාල සියලු තොරතුරු ලබා ගත හැකි බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර 070 355 597 079 දුරකථන අංකය අමතා ලබා ගත හැකි බවද අමාත්‍යාංශය දන්වයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...