බිහිසුණු බෙරිල් සුළි කුණාටුව කැරිබියන් දූපත් වලට කඩා වදියි

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බෙරිල් සුළි කුණාටුව ගිනිකොන දිග කැරිබියානු ප්‍රදේශයට 4 වන කාණ්ඩයේ ප්‍රබල සුළි කුණාටුවක් ලෙස ඇතුළු වී ඇති බව වාර්තා වන අතර මේ හේතුවෙන් විනාශකාරී ගංවතුර තත්වයක් පවා ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ.

එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය ඊයේ(01) දිනයේදී නිවේදනය කර තිබුණේ, මෙය අතිශයින්ම භයානක සහ ජීවිතයට තර්ජනයක් වන තත්වයක් වන බවත් ජීවිතය ආරක්ෂා කර ගැනීමට දැන්ම පියවර ගන්නා ලෙසත්ය. මධ්‍යස්ථානයට අනුව, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් සහ ග්‍රෙනාඩාව වඩාත් අවදානමට ලක්ව ඇති බවයි.

ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් හි අවම වශයෙන් එක් මරණයක්වත් වාර්තා වී ඇති අතර නිවාස සහ ගොඩනැගිලි සිය ගණනකට හානි සිදුවී ඇති බවත් සුළි කුණාටුව තවදුරටත් මාරාන්තික විය හැකි බවත් අගමැති රැල්ෆ් ගොන්සාල්ව්ස් සඳහන් කර තිබේ.

බෙරිල්ගේ අසාමාන්‍ය වර්ධනය සම්බන්ධයෙන් අනතුරු අඟවමින් විද්‍යාඥයන් සඳහන් කර තිබුණේ, මෙය අත්ලාන්තික් සාගරයේ අසාමාන්‍ය ලෙස ක්‍රියාකාරී වූ සුළි කුණාටුවක් බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...

මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට...

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්ගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්!

කොළඹ LNW:වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා...