*
Thursday, July 4, 2024
spot_img

Latest Posts

අද ක්‍රීඩා මාධ්‍යකරුවාගේ දවසයි

සටහන – නිශ්මං රණසිංහ

ජූලි 02, (LNW) කොළඹ :

නූතණ ක්‍රීඩා මාධ්‍යවේදීයාගේ භූමිකාව පොළවත් සමඟ වෙනස් වෙයි.ලෝකය එක යායක් වෙමින් පවතින තාක්ෂණික ඥාණය සහ ඊට අදාළ මෙවලම් අතරත් රටවල් අතර සමානකම් තිබිය හැකිය.එහෙත් රටවල් දේශපාලනික වශයෙන් සහ සමාජීය සහ ආර්ථිකමය වශයෙනුත්,සමහර යිට ආකල්පමය වශයෙනුත් වත් පොහොසත්කම් සමග වෙනස් වීම ක්‍රීඩා මාධ්‍යවේදියාගේ භූමිකාවට බලපායි.

අවසාන වශයෙන් ක්‍රීඩා මාධ්‍යවේදියාගේ හැසිරීම සහ එම භූමිකාවට අයත් සමාජ වගකීම සහ හැසිරීම තීරණය වන්නේ තාක්ෂණික සහ විද්‍යා දියුණුව අනුව නොව අනෙකුත් සමාජීය,ආර්ථිකමය සහ දේශපාලනික සාධක මතය.ඒ තුළ පුද්ගලයෙකු ලෙස දරන ආකල්ප ක්‍රීඩාවේ ප්‍රගතියට සහ අගතියටද බල පෑ හැකිය.මාධ්‍යවේදියාගේ බලපෑම තීරණය වන්නේ ද ආකල්පමය වශයෙන් ඔහු දරන අස්ථානයට සාපේක්ෂව වන අතර ශ්‍රී ලංකාව වැනි රටක දී එය අතිශයින් වැදගත්ය.

විශේෂයෙන් විහිඳුණු ඇසක් මෙන්ම විහිදුණු භාවිතයක් තිබීම ලංකාවේ දි ක්‍රිඩා මාධ්‍යකරුවෙක්ට වැදගත්ය.පොහොසත් ක්‍රීඩා සංස්කෘතියක් නැති රටක එහි අවශ්‍යයතාවය පෙන්වා දිමේ සමාජය මත ස්ථාපිත කිරීමේ හැකියාවක් ක්‍රීඩා මාධ්‍යවේදියාට තිබිය යුතුය.දියුණු රටක ක්‍රීඩාව විෂය කර ගත් සාහිත්‍යමය සහ කලාවක් නිරන්තරයෙන් පවතියි.ක්‍රීඩාව ජීවිතය කෙරෙහි බලපාන හැටි සමාජමය දැණුමක්ද එවැනි සමාජයක් සතු වේ.

ඒ නිසා විවිධ බාධාවන්,දුෂ්කරතාවන් මැද දක්ෂතාවයන්වලට ඉඩ සැකසෙන සමාජ පද්ධතියක් ක්‍රියාත්මක වන බැවින් ක්‍රීඩාවේ දක්ෂතා තිබෙන මිනිස්සු සම්බන්ධයෙන් වන නොසළකා හැරීම් ගැන කම්පා වෙන්නට විවේචනය කරන්නට එවැනි රටවල මාධ්‍යවේදීන්ට වැඩි පුර කාලය වැය කරන්නට වන්නේ නැත.ඔවුන් ක්‍රීඩාවේ නව දිශානති උදෙසා සිය මාධ්‍ය භාවිතය යොමු කරන සහ ඒ හරහා මඟ පෙන්වාදීම් කරන්නට වැඩි කාලයක් වැය කරන පිරිසක් වන්නේ එබැවින්ය.වඩා නිදහසේ අදහස් පළ කරන්නට සහ පළල් සමාජ දේශපාලන සහ ආර්ථික පදනමක පිහිටා ක්‍රීඩාව දෙස බලන්නට විවේචනය කරන්නට අමතර දැණුමක් ද ඔවුන් සතුව පවතියි.

සමාජයක් වශයෙන් ගත් විට ආකල්පමය වශයෙන් සමාජය දැනුවත් කිරීමට ක්‍රීඩා මාධ්‍යවේදියා සතු යුතුකම සහ වගකීම ප්‍රශ්නකාරී වන්නේ මාධ්‍යවේදියා සතුව ද ඇත්තේ ක්‍රීඩාවට ඇති ආදරය,කැමත්ත,අසාධාරණය ගැන පසුතැවිල්ල යන කාරණා පමණක් වීම නිසාය.සටන්කරුවෙක්ගේ භූමිකාව ඉතා වැදගත් වන අතර මේ සමාජය තුළ සටන් කරන්නේ කෙසේද යන ප්‍රශ්නය බැරෑරුම් තත්ත්වයක පවතින්නේය.

වාඑර්තාකරණය කියන විෂයේ දී සමාජයට ක්‍රීඩාව ගැන කියවීමක් ඇති කිරීමට පෙළඹවීම අඩුවෙන් සිඳුවන්නේය.ඒ නිසාම ක්‍රීඩා කේෂ්ත්‍රය ක්‍රීඩා මාධ්‍ය පරිශීලනය කරන්නේ ඉතාම සීමිත අවශ්‍යයතාවයක් ටිකක් සුපරා ගැනීමටය.වෙන්නෙ මොනවද වෙලා තියෙන්නෙ මොනවද කියන ප්‍රවෘත්තිසය වටිනාකමට එහා දැණුමකට ක්‍රීඩාව සහ සමාජ දේශපාලනික කාරණා සම්බන්ධ කරගෙන ක්‍රීඩාවේ නියැලෙන්නන් ඉදිරියට තල්ලු කරන්නේ කෙසේද යන්න තවමත් ප්‍රශ්නාර්ථයකි.ඒ නිසා සෑම අතින්ස සිඳු කරන අදහස් දැක්වීම්වල ගන්නට ඇති අලුත් දේවල් හමුවන්නේ නැත.ක්‍රීඩාව හිතන්න පුරුදු කරන සමාජයක් බවට පත් කිරීමේ අවශ්‍යයතාවය දියුණු රටක දියුණු ක්‍රිඩාවක් නිර්මාණය වන්නට බලපාන්නේය.

රස්සාවක ඉස්සරහට යන්නට අවශ්‍යය සුදුසුකම් වැඩි කර ගැනීම සඳහා ක්‍රීඩාව තුළ තාක්ෂණික දැණුම පුළුල් කර ගැනීමේ කියවීම සහ හැදෑරීමෙන් එහාට නිර්මාණශීලී නව අදහස් සහ භාවිතා ඇති නොවන්නේ මාධ්‍ය හරහා ක්‍රීඩාවට ඒ සඳහා දෙන දායකත්වය මදි නිසා විය නොහැකිය.සමහර විට එය නොවිය හැකි වුව ද,ක්‍රීඩා මාධ්‍යකරණයේ යෙදෙන බොහෝ දෙනෙක් ක්‍රීඩාවට අදාළ දිග පළල දැන ගත්තාට,සමාජයේ තිබෙන අනෙකුත් කාරණාවන් හී දිග පළල මැන බලන්නේ නැත.ඒ නිසා ක්‍රීඩාවේ වර්ගපලය අහු වුණත්,එය නිර්මාණය කරන සමාජීය මෙවලම් පිළිබඳ අවබෝධයේ හිඟකම නිසා අපි වැරදි දකින්නේ හෝ විවේචනය කරන්නේ හෝ ඒ වර්ගපලය තුළ සිට පමණි.ඒ නිසා ප්‍රශ්නය එතනින් එහාට ගෙන යන්නට වර්ගපලය පළල් කරන්නට අවශ්‍යය මෙවලම් අප අත නැතුව තිබිය හැකිය.

ලෝක කුසලානයට පෙර ක්‍රිකට් සම්බන්ධයෙන් නිර්මාණය කළ රැල්ල සමාජය කියවා ගන්න තැනින්ම තව දුරටත් රටට කියවා ගන්න පුළුවන් තැනකට රැගෙන යාම විනා තරගාවලියේ හැඩය සහ භාවිතය ගැන සිතා ඇත්ත කියන්නට පසුබට වීම උදාහරණයකට ගත හැකිය.ඇත්තටම ලංකාව,පකිස්තානය සහ නවසීලන්තය යන කණ්ඩායම් තුනම අවසන් අටෙක් එළියට ගියේ ඒ දක්වා පැවත්වුණු ලෝක කුසලාන තරගවලට ඇතුළත් වූ සුපිරි 12 වටය වෙනුවට සුපිරි 8 වටයක් ආ නිසාය.සුබිරි 12 විණිනම් මෙම කණ්ඩායම් තුනම දෙවන වටයට යන්නට නියමිතය.මේ කණ්ඩායම් තුනට අත් වූ ඉරණමම අත්වන්නට ගොස් යාන්තමට බේරුණු එංගලන්තය අවසන් හතරට පැමිණි ආකාරය බලන විට මේ කණ්ඩායම් තුන සුපිරි 12 වටයේ සිටියේනම්…..?

ඇත්තටම පිළිතුරු නැති ප්‍රශ්නයක අනාවැකි කීමට බැරි ක්‍රීඩාවක ජය පරාජය ගැන මෙන්ම රය ක්‍රියාත්මක වන ආකාරයේ වෙනස්කම් ද ඉදිරියට යාම සහ පසුපසට වීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක බව බොහෝ මාධ්‍ය අමතක කළෙමු.සමහර විට හිතාමතා පෙර සුපිරි 12 අමතක කිරීමෙන්ද,පෙර සුපිරි 12 අමතක වීමෙන් ද මේ තත්ත්වය ඇති විය හැකිය.

මා යෝජනා කරන්නේ ජාත්‍යන්තර මාධ්‍ය දිනයේ දී ජාත්‍යන්තර මාධ්‍යවල හැසිරීමට අප කිට්ටු කරන්නේ කෙසේද යන්න ගැන අවබෝධයෙන්, ක්‍රීඩාවන්ට සීමා නොවුණු ක්‍රීඩා සමඟ ඇති විය යුතු සංස්කෘතික සමාජයක් කෙරෙහි සමාජය මෙහෙයවීම වගකීම කර ගන්න කල්පනා කළ යුතු බවය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan