*
Thursday, July 4, 2024
spot_img

Latest Posts

ඔබත් ඔබේ දරුවාගේ ඡායාරූප, විඩියෝ සමාජ මාධ්‍ය තුළ බෙදා ගන්නවාද?

වත්මන් ඩිජිටල් යුගය තුළ මවකගේ පියෙකුගේ භුමිකාව පහසු කාර්යයක් නොවේ.සමාජ මාධ්‍ය,ස්මාර්ට්ෆෝන් සහ තාක්ෂණය අපගේ දරුවන්ට වඩා වේගයෙන් දියුණු වෙමින් පවතින අතර එම තාක්ෂණය නිසි පරිදි භාවිතා කිරීමට අපේ දරුවන්ට අවබෝධයක් නොමැත.බොහෝවිට දෙමාපියන්ට ද මේ පිළිබඳ නිසි දැනුමක් නොමැත.


දෙමව්පියන්,දරුවන් රැකබලාගන්නන්,භාරකරුවන් ආදී වැඩිහිටියන් දරුවන්ගේ ළදරුවියේ සහ නව යොවුන් වියේ සොඳුරු මතකයන් සිහි ගන්වන ඡයාරූප මිතුරන් සහ පවුලේ සමාජිකයන් අතර සමාජ මාධ්‍ය තුළ බෙදා ගැනීම සහපළ කිරීම “Sharenting” ලෙස හදුන්වයි.නමුත් මෙහි ඇති අවධානම පිළිබඳ අවබෝධය වැදගත් වේ.


සමාජ මාධ්‍ය පළකිරිම් පිළිබඳ විශේෂඥ ස්ටේසි ස්ටයින්බර්ග් සමාජ මාධ්‍ය තුළ දරුවගේ පෞද්ගලිකත්වය
ආරක්ෂා කරන්නේ කෙසේද? දරුවාගේ අදහස්වලට ගරුකරන්නේ කෙසේද? සහ සමාජ මාධ්‍ය භාවිතය තුළ
ආරක්ෂාකාරිවන්නේ කෙසේද? පිළිබඳ අදහස් දක්වා ඇත.


දරුවන්ගේ ඡයාරූප සමාජ මාධ්‍ය තුළ බෙදා ගැනීම යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? විශේෂඥ ස්ටේසි
ස්ටයින්බර්ග්ට අනුව දරුවන් කරන කියන දේ ඔවුන්ගේ පවුල් කවයෙන් පිටත පුද්ගලයන් සමඟ සමාජ මාධ්‍ය,
බ්ලොග් පිටුවක,වට්සැප් හෝ වෙනත් පණිවිඩ යෙදුම් හරහා බෙදා ගැනිම මෙමගින් අර්ථ ගන්වයි.
සමාජ මාධ්‍ය තුළ දරුවන්ගේ ඡයාරූප, විඩියෝ සහ හඬපට බෙදා ගැනීම දී දෙමාපියන් සහ භාරකරුවන්
සැළකිලිමත්විය යුතු වන්නේ එහි ඇති අවධානම නිසාය.


පළමු කරුණ නම් ඔවුන්ගේ අනන්‍යතාවයට වන හානියයි. උදාහරණයක් ලෙස දෙමාපියන් සමාජ මාධ්‍ය ජාලවලට එක් කරන්නේ දරුවන්ගේ සුන්දර මතකයන් වුවද අන්තර්ජාලය හරහා අපරාධ සිදු කරන පුද්ගලයින්ට ඒවා දත්ත සහ තොරතුරුය. සමහර රටවල මෙලෙස සමාජ මාධ්‍යට මුදා හරිනු ලබන තොරතුරු මත පදනම්ව දරුවන්ගේ ඩිජිටල් ලේඛන නිර්මාණය කරන දත්ත තැරැව්කරුවෝ සිටිති. ඔවුන් අප බෙදා ගන්නා දරුවන්ගේ තොරතුරු මත පදනම්ව දරුවන් අනාගතය පිළිබඳ අනාවැකි කීමට සමත්වේ.එය දරුවන්ගේ අනාගත පැවැත්මට සහ අනන්‍යතාවයට තර්ජනයකි.


ව්‍යාජ ඡයාරූප නිර්මාණය කිරීම ද අවධානය යොමු කළ යුතු ගැටළුවකි.මන්ද ඒවා අපේ දරුවන්ට
හානිකර,නීතිවිරෝධී ද්වේශසහගත අකාරයෙන් නිර්මාණය කළ හැකිය.මෙවැනි ඡයා රූප දරුවාට අහිතකර ලෙස බලපායි.දැනට පවතින කෘත්‍රීම බුද්ධි ඡයාරූප සැකසුම් මෙවලම් ඔස්සේ අප කිසි දිනක පෙනි නොසිටි ඡයා රූප,විඩියෝ පට නිර්මාණය කළ හැක; එසේ ම ළමාවියේ ඡයාරූප ඇසුරින් අනාගත පෙනුම ප්‍රතිනිර්මාණය කළ හැකිය. මේ සඳහා මුහුණේ සමීප ඡයාරූපයක් පමණක් ප්‍රමාණවත්‍ ය.දරුවන්ගේ ඡයාරූප අන්තර්ජාලයට නිරාවරණය කිරිම තුළින් දරුවගේ අනාගත අනන්‍යතාව තර්ජනයකට ලක්විය හැකිය.හඬපට සහ විඩියෝ ද එසේය;ඉතා කෙටි හඬපටයක් යොදාගෙන ඒ හා සමාන කිසිදා ප්‍රකාශ නොකළ හඬපට ප්‍රතිනිර්මාණය කළ හැකිය.මෙහි ඇති භයානකත්වය වන්නේ දරුවන්ගේ මෙවැනි ප්‍රතිනිර්මාණය කරන ලද ඡයාරූප,හඬපට සහ විඩියෝ යොදා ගෙන අපරාධ සිදු කිරිමත්,දරුවන්ගේ අනන්‍යතාව සොරකම් කිරිමත්,දෙමාපියන්ට තර්ජනය කිරීමට සහ ඔවුන්ව මෙහෙයවීමට යොදා ගැනීමයි.


දරුවන්ගේ ඡයා රූප යොදා ගනිමින් සමාජ මාධ්‍යවල හාස්‍ය උපදවන ඡයාරූප,පෝස්ට් සහ ස්ටිකර් නිර්මාණය
කිරිම වර්තමානයේ දකින්නට ලැබේ. නමුත් එමගින් දරුවන් සමාජය ඉදිරියේ ලැජ්ජාවට සහ පීඩනයට ලක්විය හැකිය; එසේ ම මේවා දිර්ඝ කාලයක් අන්තර්ජාලය තුළ පවති;ඇතැම්විට කිසි දිනෙක ඉවත් නොවේ. මෙවැනි තත්ත්ව සුලබ නොවූව ද කෘත්‍රීම බුද්ධිය වැනි තාක්ෂණයන්ගේ දියුණුවත් සමඟ අනාගතයේ සිදුවිය හැකි වෙනස්කම් අපි නොදනිමු.


දෙවැන්න නම් අප සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡයාරූප බෙදා ගන්නා විට ඒ පිළිබඳ ඔවුන් සමඟ සාකච්ඡා
නොකිරීමයි.එමඟින් දරුවන්ට ආදර්ශමත් ලෙස සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ මඟ පෙන්වීමට ඇති වටිනා අවස්ථාව මඟහැරී යයි.


අපේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතා කළ හැකි වයසේ සිටින විට, ඔවුන් අපගේ පෞද්ගලිකත්වයට ගරු කරනු ඇතැයි සහ අප බෙදා ගැනීමට අකමැති අපගේ පින්තූර බෙදා නොගනී යැයි අපි බලාපොරොත්තු වෙමු. එසේම ඔවුන් තම සම වයසේ මිතුරන්ගේ පෞද්ගලිකත්වයට ගරු කිරීම සහ කැමැත්තෙන් තොරව වෙනත් දරුවන්ගේ හෝ වැඩිහිටියන්ගේ පින්තූර පළ නොකරනවා යැයි අපි අපේක්ශා කරන්නෙමු. එම පුරුදු දරුවාට කියාදීමට හැකි හොඳම මාර්ගය දෙමාපියන්ගේ නිවැරදි සමාජ මාධ්‍ය භාවිතයයි.


දරුවන්ගේ ඡයාරූප බෙදාගැනීම සම්බන්ධයෙන් දරුවන්ට දැනෙන්නේ කෙසේද?


අප කුමන වයසක පසු වූවත් අප සියළු දෙනාට ම අපට ම ආවේණීක රුචිකත්වයන් පවතී.දරුවන්ටද එසේය. අපට අවුරුදු 4 දී හෝ 5 රෝස පාට ඇදුමක් වෙනුවට දම්පාට ඇදුමකට වඩා කැමතිවිය හැක.එසේම අවුරුදු 12 දී හෝ 13 දී අත්තම්මාගේ අතින් අල්ලාගෙන සිටිනු දැකීමට කැමති හෝ අකමැති වනු ඇත.මෙවැනි දේ වැඩිහිටියන් සැළකිල්ලක් නොදැක්වූව ද දරුවන්ට වැදගත් වේ. දරුවන්ගේ සිතුවිලි සංකීර්ණ හා වැදගත්වන අතර ඒවා විස්තර කිරීමට දෙමාපියන් ලෙස අප ඔවුන්ට ඉඩහසර ලබා දිය යුතුයි.දරුවන් ඔවුන් සමාජ මාධ්‍ය ජාලවල බෙදාගන්නා දේ පිළිබඳ දෙමාපියන්ගෙන් නොවිමසයි; නමුත් ළමයින් සමඟ සිදු කරන ගැඹුරු සංවාදයන් මගින් ඔවුන්ට වඩා හොඳ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ඔබේ අදහස් ප්‍රකශ කිරිමේ හැකියාව දෙමාපියන්ට ලැබේ.


අපි දරුවන් සමඟ සිටින විට අපගේ ඩිජිටල් උපාංගවලින් ඉවත්ව සිටීම වැදගත් වේ, එවිට අපට සැබවින් ම මේ මොහොතේ ජිවත්විය හැකිය. එසේ ම අපගේ දරුවන්ට ඩිජිටල් උපාංග වල ඇති පින්තූර සහ වීඩියෝ වෙනුවට සෑබෑ මතයන් ලබා දීමට හැකියි. ඩිජිටල් ලෝකයක් තුළ දෙමාපියන්ට තම දරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කළ හැක්කේ කෙසේද?
දෙමාපියන්ට කළ හැක්කේ ඔවුන් හාස්‍යජනක යැයි හැඟුණත්, තම දරුවන්ගේ පින්තූර සහ පුද්ගලික තොරතුරු ඕනෑවට වඩා බෙදා ගැනීමෙන් වැළකී සිටීමයි.අප දරුවන්ගේ පින්තූර සුන්දර මතකයන් ලෙස සමාජ මාධ්‍යවල පළකළ ද අවාසනාවකට මෙන්, එම පින්තූර නරක අරමුණු සඳහා භාවිතා කළ හැකි පුද්ගලයින් අන්තර්ජාලයේ සිටි.


විශේෂයෙන් දෙමාපියන් කිසිවිටෙක තම දරුවන්ගේ ඇඳුම් නොමැති පින්තූර සමාජ මාධ්‍යවල පළ නොකළ යුතුය. දෙමාපියන්ට කළ හැකි වඩාත් වැදගත් දෙය නම් නිසි සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ දරුවන් සමඟ විවෘතව කතා කිරීම සහ ක්‍රියාවෙන් සිදු කර පෙන්විමය. කෙසේ වෙතත්, දෙමව්පියන්ට මෙය තනිවම කළ නොහැකි ය. දරුවන් සඳහා ආරක්ෂිත සමාජ මාධ්‍ය අවකාශයන් නිර්මාණය කිරීම අපගේ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ඩිජිටල් වේදිකා නිර්මාණකරුවන්ගේ ද වගකීමයි.ඉතා වේගයෙන් වෙනස් වන තාක්ෂණය පිළිබඳ දෙමාපියන්ගේ පූර්ණ අවබෝධය අපේක්ෂා කිරීම අසාධාරණ ය.

Make money online. Middle aged father recording film with his daughter for family channel, video blogger, internet earning and freelance remote work


තම දරුවන්ගේ පින්තූර පළ නොකරන ලෙස හිතවතුන්ගෙන් ඉල්ලා සිටින්කෙසේද?

ඔබගේ දරුවන්ගේ ඡයාරූප පළ කිරීමේ කැමැත්ත අකමැත්ත පිළිබඳ අවංක සංවාදයක් ඔබගේ හිතමිතුරන් සමඟපවත්වන්න.නමුත් සමාජ මාධ්‍ය තුළ දරුවන්ගේ ඡයාරූප පළකිරීම අලුත් සිදුවිමක් නිසා සෑම කෙනෙක් ම මෙමගැටළුව සඳහා සමාන අවධානයක් ලබා දී නොමැති බව මතක තබා ගත යුතුය.අන් අය සමඟ නිවැරදි සහ සෘජු සන්නිවේදනය මඟින් ඔබේ දරුවාගේ ඩිජිටල් අනන්‍යතාව සුරක්ෂිත කළ හැකිය.
දෙමාපියෙක් ලෙස ඔබට පාසල් සහ අනෙකුත් සංවිධානවල සමාජ මාධ්‍ය පළ කිරිම් සඳහා ප්‍රතිපත්ති මාලාවක්
තිබේදැයි ප්‍රශ්න කළ හැක.එසේ නොමැති නම් දරුවන්ගේ තොරතුරු සහ ආරක්ෂාව සඳහා එවැනි ප්‍රතිපත්ති
මාලාවක් නිර්මාණය කිරීමට ඉදිරිපත්විය හැකිය.

දෙමාපියන්ට සහ රැකබලා ගන්නන්ට තම දරුවන්ගේ ඡායාරූප සහ වීඩියෝ
ආරක්ෂිතව බෙදා ගත හැක්කේ කෙසේද?


සමාජ මාධ්‍ය ජාලවල පළ කිරීම කිසිවිටෙක සියයට සියයක් ආරක්ෂිත විය නොහැක.එය සැමවිටම දෙමාපියන් විසින්සමතුලිත කළ යුතු අවදානම් සහගත තත්ත්වයකි.
සමාජ මාධ්‍ය හරහා තම දරුවන්ගේ තොරතුරු බෙදා ගන්නා පවුල්, ඔවුන් එම තොරතුරු බෙදා ගන්නේ කා සමඟ දැයි සලකා බැලීම වැදගත් වේ.(ඔබේ සමාජ මාධ්‍ය ගිණුම්වල රහස්‍යතා සැකසීම් මොනවාද, ඔබ මිතුරන් හෝඅනුගාමිකයින් ලෙස එකතු කර ඇති පුද්ගලයින් ඔබ කෙතරම් හොඳින් දන්නවාද, ආදිය), ඔවුන් කොපමණ තොරතුරු බෙදා ගන්නවාද [ස්ථාන සහ පාසල් ලාංඡන වැනි හඳුනා ගත හැකි විශේෂාංග වැනි] සහ එම තොරතුරු ඔවුන්ගේ දරුවන්ට අපහසුතාවයක් හෝ හානිකර විය හැකිද නැද්ද යන්න.


අපේ දරුවන් අපගේ අනන්‍යතාවයේ කොටසක් ලෙස බැඳී පවති, නමුත් අවසානයේ අපගේ දරුවන් ඔවුන්ගේම හැඟීම් සහිත ස්වාධීන පුද්ගලයන් බවට පත් වේ.අපගේ තොරතුරු පවුලේ සමාජිකයන් අතර බෙදා ගැනිමට වඩා අපගේ පවුලෙන් පිට අය සමඟ බෙදා ගැනීම අවධානම් සහගතවිය හැක.


ඔබ දැනටමත් ඔබේ දරුවන් ගැන බොහෝ දේ පළ කර ඇත්නම් ඔබට කුමක් කළ
හැකිද?


මදක් සිතන්න!බොහෝ දෙමාපියන් වැඩි වශයෙන් සමාජ මාධ්‍යවල පළ නොකරති. බොහෝ විට, ප්‍රමාණය
ඉක්මවා සමාජ මාධ්‍යවල පළ කරන දෙමාපියන් ඔවුන්ගේ දරුවාගේ ඩිජිටල් පියසටහනේ(digital footprint) වැදගත්කම නොසළකති.


දෙමව්පියෙක් තම දරුවන්ගේ තොරතුරු බෙදාගන්නා ආකාරය සහ ප්‍රමාණය පිළිබඳ නැවත සිතන්නේ නම්, වඩා සුදුසු පළමු පියවර වන්නේ අතීතයේ සමාජ මාධ්‍යවල පළ කළ දේවල් මොනවාද යන්න නැවත සොයා බැලීම සහ නුසුදුසු දේ මකා දැමීමයි. ( සමහර සමාජජාලවල, ඔබට එය තනිවම කළ නොහැකි නම් ඡයාරූප ඉවත් කරන ලෙස ඉල්ලා සිටිය හැක.) සෑම මාස කිහිපයකට ම වරක් ඔබ සමාජ මාධ්‍යවල පළ කර ඇති දේ බලා නොසුදුසු පැරණි තොරතුරු මකා දමන්න.


අපි සමාජ මාධ්‍ය සමඟ දරුවන් ඇති දැඩි කරන පළමු පරම්පරාව වේ.එබැවින් එය දුෂ්කරය.නමුත් නිසි
අවබෝධය,අවධානම හදුනා ගැනීම සහ අරක්ෂාකාරීවිම තුළ සමාජ මාධ්‍ය තුළ දරුවන්ගේ තිරසාර පැවැත්ම
ආරක්ෂා කළ හැකිය.

ලිහිණි මල්ලිකාරච්චිගේ සටහනක්

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan