මෙලෝ රහක් නෑ. තේරුමක් නැති වැඩක් – ජනපතිගේ විශේෂ ප්‍රකාශයට විපක්ෂයේ විරෝධය!

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (02) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශය මෙලෝ රහක් නැති වැඩකට නැති කතාවක් බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසුවේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ජනාධිපතිවරයා විසින් එකම කතාව කියා කියා යන බවත් ඉන් පාලක නැති බවත් රාජකරුණා මහතා කියා සිටියේය.

”හැමතැමන එකම කතාව කියනවා. අපරාදේ මේ පාර්ලිමේන්තු සැසි වාරයකට දැවැන්ත මුදලක් වැය කරනවා කිසිම තේරුමක් නැහැ. ඔය කතාව එදා ජාතිය අමතල කිව්වා. අද පාර්ලිමේන්තුවේදී කියනවා. පොඩි ආශාවක් සංසිදවන්න තමයි මේ කරේ. IMF එකේ තාම 100%ක් එකඟතාවකට ඇවිල්ලා නැහැ. ඔබ දන්නවා පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් තියන්න තිබුණේ. හෙට දිනයේදී ජන්දයක් තියන්නත් තිබ්බා. ඊයේ හදිසියේම ඒක වෙනස් කරලා මේ ජනාධිපති ප්‍රකාශයකට විතරක් සීමා කරනවා. එතුමා මොනවද මේ කරන්නේ කියන එක පැහැදිලි නැහැ. එකම දේ කියනවා. ඕක ඔහොම තැන් තැන්වල කිව්වා කියල වැඩක් වෙනවයැ. ගිවිසුම සම්පූර්ණ නැති නිසා තමයි අද ඒක ඉදිරිපත් කරන්නවත් බැරිවෙලා තියෙන්නේ. ගිවිසුමක් නැතුව මොනවා විවාද කරන්නද? අන්තිමට වැඩකට නැති කතාවක්. මෙලෝ රහක් නැහැ” යනුවෙන් හර්ෂණ රාජකරුණා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පදික වේදිකාවල වෙළඳාමට නැවත කිසිසේත් අවසර දෙන්නේ නෑ – නගරාධිපති

ලෝක උරුම සංචාරක නගරයක් මෙන්ම පූජනීය නගරයක් වන මහනුවර...

මන්නාරම Hayleys Fentons සුළං විදුලි බලාගාරයේ ඉදිකිරීම් ජනපති අනුරගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ !

වසර 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන ඉලක්කය...

ඉරානය සිය ගුවන් අවකාශය වසා දමයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 15: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජාණ්ඩුවට එරෙහි...

දිට්වා ආපදාවෙන් 93%කට ජීවනෝපායට දැඩි බලපෑම්!

කොළඹ LNW:ආපදාවට ලක්වූ ප්‍රදේශවල 93%ක ජනතාව සිය ජීවනෝපායන්ට බලපෑම්...