STARLINK දැන් ශ්‍රී ලංකාවටත්!

Date:

සටහන – පුලී

ජූලි 02, කොළඹ (LNW): ප්‍රකෝටිපති ව්‍යාපාරික එලොන් මස්ක් විසින් ඔහු සතු චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව වන ස්ටාර්ලින්ක් දැන් ශ්‍රී ලංකාවේ ලබා ගත හැකි බව නිවේදනය කර තිබේ.

“ශ්‍රී ලංකාවේ ස්ටාර්ලින්ක් දැන් ලබා ගත හැකිය!” එලොන් මස්ක් සිය ‘X’ ගිණුමෙහි සටහනක් දැක්වීය.

චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සේවා සඳහා අවසර දීම සඳහා ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නීතියෙහි කරන ලද සංශෝධනයකින් පසුව, 2024 අගෝස්තු මාසයේදී ස්ටාර්ලින්ක් නියාමන අනුමැතිය ලබා ගන්නා ලදී.

උපාංග 10 ක් භාවිතා කරමින් ස්ටාර්ලින්ක් හි නියමු ව්‍යාපෘතියක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතින බව පසුගිය සතියේ, ඩිජිටල් ආර්ථික පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ප්‍රකාශ කළේය.

ස්ටාර්ලින්ක් වෙබ් අඩවියට අනුව, ශ්‍රී ලංකාවෙහි පැකේජයක් මසකට රු. 15,000 ක් වන අතර අවශ්‍ය දෘඩාංග සඳහා රු.118,000 ක අමතර පිරිවැයක් දැරීමට සිඳු වේ.

මෙම නවීන චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ඔස්සේ වේගවත් අන්තර්ජාල සේවාවක් දැන් ශ්‍රී ලාංකික ඔබටත් ලබා ගැනීමට හැකි වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...