චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ශානි වගේ නිලධාරීන්ව අපි රකිනවා!

Date:

කොළඹ LNW:ශානි අබේසේකර මහතා නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධූරයට පත්කිරීම දේශපාලනික තීන්දුවක් බවට සිදුකරන ප්‍රකාශයන්ට අද (02) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රතිචාර දැක්වීය.

එහිදී ඔහු ඉතා පැහැදිලිව පැවසුවේ ශානි අබේසේකර යන නිලධාරියා කවුරුන්ද යන්න රටේ ජනතාව හොඳින් දන්නා හෙයින් ඔහුගේ පත්වීම සමඟ ඇතැම් චූදිතයින් කලබල වුවත් එවැනි නිලධාරීන් ආරක්ෂා කරමින් ආණ්ඩුව ඉදිරියට යන බවයි.

”ඔහු මේ රටේ දේශපාලඥයින්,රාජ්‍ය නිලධාරීන් කිහිපදෙනෙක් ඇතුළු පහුගිය ආණ්ඩුවට සම්බන්ධ අය ගැන සහ රටේ සිදුවුණ ජාතික අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කරමින් හිටපු දක්ෂ නිලධාරියෙක්. ඒ විමර්ශන තමන්ගේ පාර්ශවයට යොමුවෙනකොට තමයි ඒ දේශපාලන අධිකාරිය යම් යම් තීන්දු අරගෙන ඔහුගේ වෘත්තියට බාධා කළේ. මම හිතනවා ඔය කිහිපදෙනා මොකක් කිව්වත් ඔවුන් අනුව හැසිරෙන සමාජ මාධ්‍යයේ කිහිපදෙනා මොනවා කිව්වත් රටේ ජනතාව දන්නවා ශානි අබේසේකර කියන පොලිස් නිලධාරියා කවුද කියන එක. ඔහු ඉතාම අවංකව මේ රට වෙනුවෙන් සේවය කරමින් ඉන්න කෙනෙක්. අපරාධ හෙළිදරව් කරගැනීම සඳහා සෑහෙන මට්ටමකින් මැදිහත්වීමක් ,මහන්සියක් දරන කෙනෙක් ජීවිත තර්ජන නොතකා. එවැනි කෙනෙක් ආරක්ෂා කරගැනීම මුළු රටේම ජනතාවගේ වගකීමක්. ඒ නිසා මම කියන්නේ තමන්ට චෝදනා එල්ල වෙන බව දන්න, චූදිතයින් කලබල වුණාට අපිට කරන්න දෙයක් නැහැ. එයාලා මොනවා කිව්වත් මේ වගේ නිලධාරීන් ආරක්ෂා කරගෙන අපි ඉස්සරහට යනවා” යනුවෙන් නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...