රට හැර යන්න එපා, අපිත් එක්ක එකතු වෙලා රට හදමු – සජිත් වෘත්තීයවේදීන්ගෙන් ඉල්ලයි (VIDEO)

Date:

රට දැවැන්ත අර්බුධයකට පත්ව ඇති අවස්ථාවක රට අතහැර නොයන ලෙසත්, රට විනාශ කරපු හොර වංචනිකයන්ගෙන් තොර ජනතාවගේ කැමැත්ත දිනා ගත් පාර්ලිමේන්තුවේ බහුතරයකගෙන් සමන්විත නිවැරදි දර්ශනයක් සහිත නව සන්ධානයක් සමඟ එකට එකතු වී ඉදිරි වසර 5ක කාලය තුළ රට ගොඩ නැගීමට ශ්‍රමයෙන්, බුද්ධියෙන්, දැනුමෙන්, හැකියාවෙන් දායක වන ලෙසත් සමගි ජන බලවේග තරුණ වෘත්තීයවේදීන් හමුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වත්මන් ජනාධිපතිවරයා සහ රජය විසින් පවතින අර්බුධය අර්ථකථනය කරනවාට වඩා එය අතිශය සංකීර්ණ බවත් මේ සඳහා රටේ බලය තාවකාලිකව බාරගත් දොරටුපාලකයන් පවා බලය අනිසි ලෙස භාවිත කිරීම හේතු වී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ හේතුවෙන් අධි උද්ධමනය සහ විරැකියාව ඇති වී ජනතාවගේ සිතුම් පැතුම් පවා බිඳ වැටී ඇති බව යි.

මීට වසර කිහිපයකට පෙර දරුණු ලෙස ගෝත්‍රික සටන් හේතුවෙන් ලක්ෂ 8කට ආසන්න ජීවිත අහිමි වූ රුවන්ඩාව අද අප්‍රිකාවේ සිංගප්පූරුව බවට පත්ව ඇත්තේ එරට පාලකයන් සහ බුද්ධීමතුන් ගත් නිවැරදි තීන්දු තීරණ නිසා බවත් එය ආදර්ශයක් ලෙස ගෙන අප රටේත් සිටින බුද්ධිමතුන්, විශේෂඥයන්ගේ දැනුම රට ගොඩනැගීමේ කාර්යට යොදා ගැනීමට මනා වැඩපිළිවෙළක් සමගි ජන බලවේගය සතු බවත් ඒ මහතා සඳහන් කළේය.

ප්‍රතිපත්ති සම්පාදනයේ සිට එය ක්‍රියාත්මක කිරීම දක්වා කාර්යයට සමගි ජනබලවේග රජයක් යටතේ බුද්ධිමතුන්ගේ, වෘත්තීයවේදීන්ගේ, විශේෂඥයන්ගේ දැනුම, පළපුරුද්ද හා හැකියාව යොදා ගනු ලැබුවත් එය තවත් වියත් මගක් නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ වත්මන් රජයේ වියත්මග විසින් ජනතාව මිත්‍යාවෙන්, බොරුවෙන්, වංචාවෙන් නොමග යැවූ බව යි.

එබැවින් 2019 බහුතරයක් හසු වූ බොරුවට තව තවත් හසු නොවී මාස 6න් 10න් රට ගොඩනගන බවට වන රැවටීම්වලට හසු නොවී ඉදිරි වසර 5ක කාලය තුළ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය සමග එකට එකතු වී නැවතත් රට ගොඩ නැගීමට එක්වන ලෙසයි සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලා සිටියේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එංගලන්තේ සරෝජාගේ කණ්ඩායම මහජන මුදල් අවභාවිතා කළා ද?

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...