සෞඛ්‍ය සේවාවන් පිළිබඳ පැමිණිලි විභාග කිරීම සඳහා කමිටුවක් අවශ්‍යයි – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

Date:

සෞඛ්‍ය සේවාවන් පිළිබඳ පැමිණිලි විභාග කිරීම සඳහා කමිටුවක් පත් කරන ලෙස සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

තත්වයෙන් බාල ඖෂධ හේතුවෙන් රෝගීන්ට සිදුවන හාණි සහ ඇතැම් සායනික භාවිතාවන් නිසා සිදුවන ජීවිත හානි වැඩිවෙමින් පවතින අතර, ඒවා බොහොමයක් සාමාන්‍ය තත්වයන් ලෙස යට ගැසීමේ හෝ නොසලා හැරීමේ තත්වයක් පවතින බැවින්, මහජනතාවගේ එවන් පැමිණිළි විමර්ෂණය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් වහාම පත් කරන ලෙස,  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත්  සංගමය, සෞඛ්‍ය ඇමතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී. එසේම එම කමිටුවෙහි විෂය ප්‍රාමාණිකයින්ට අමතරව, රෝගීන්ගේ පාර්ශවය නියෝජනය කිරීම සඳහාද සාමාජිකයින් පත් කිරීම මගින්, එම කමිටුවේ නිරීක්ෂණවල විනිවිදභාවය ආරක්ෂා කල යුතු බව එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා අවධාරණය කර සිටී.

රවී කුමුදේශ්
සභාපති
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...

ලොකුගේ නික්ම යයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සිටිය ක්‍රීඩා...

ලෝක ආර්ථික සමුළුවේදී මම කරපු කතාව විකෘති කරලා – ඇමති හඳුන්

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක ආර්ථික සමුළුවේදී තමන් කළ කතාව...