AI තාක්ෂණය ඔස්සේ සිරකරුවන්ටත් පොෂ් දඬුවමක්!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූලි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):AI තාක්ෂණය ඔස්සේ නව බන්ධනාගාර සංකල්පයක් මඟින් අපරාධකරුවන්ට මිනිත්තු කිහිපයකින් සම්පූර්ණ දඬුවම් නියම කිරීමේ වෑයමක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

නමුත් එය ඔවුන්ට විනාඩියක් ලෙස දැනෙන්නේ නැත. Cognify නම් මෙම ක්‍රමය භාවිතා කරමින්, සිරගත කරන ලද පුද්ගලයින් යන්ත්‍රවලට සම්බන්ධ කර ඔවුන්ගේ මොළය වසර ගණනාවක් වැනි කෘතිම මතකයන්ගෙන් යුක්ත කිරීමක් මෙහිදී සිදු වේ.

ඩුබායි හි මෙම ව්‍යාපෘති ප්‍රධානියා වන ජෛව තාක්ෂණවේදියෙකු සහ විද්‍යා සන්නිවේදකයෙකු වන හෂේම් අල්-ගයිලි විසින් මෙම ඉදිරිපත් කිරීම කර තිබේ.

මෙහිදී සිරකරුවන්ට වසර 10 ක සිර දඬුවමක් වෙනුවට AI-ජනනය කරන ලද මතක තැන්පත් කිරීමක් සිදු කරනු ලබයි.

“සින්තටික් මතකයන් අභිරුචිකරණය කරනු ලබන්නේ සිදු කරන ලද අපරාධය සහ පුද්ගලයාගේ අද්විතීය මොළයේ ව්‍යුහය සහ මනෝවිද්‍යාත්මක පැතිකඩ අනුව ය” යනුවෙන් අල්-ගයිලි පැවසීය.

ඔහුගේ මෙම නවමු ඉදිරිපත් කිරීම තුළින් අනාගතයේ බන්ධනාගාර, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, වෛරී අපරාධ, මංකොල්ලකෑම්, සොරකම් කිරීම සහ තවත් බොහෝ අපරාධ සිදු කළ අය සඳහා භාවිතා කළ හැකිය.

AI මත පදනම් වූ මෙම බන්ධනාගාර සංකල්පය මිනිත්තු කිහිපයකින් දඬුවම් සම්පූර්ණ කරනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසරේ හොඳම ඡායාරූපය Vegard Grott ගේ ‘Shadows’

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW: ලෝක මලල ක්‍රීඩා සංගමය...

චමරිලා ලෝක සූරියන් මුණ ගැසී රටට සතුට රැඟෙන එන්න සූදානමින්….

නිශ්මං රණසිංහ දෙසැම්බර් 07, කොළඹ LNW: කාන්තා එක්දින ලෝක සූරියන්...

ජාතික ආපදා සහන සේවා මධ්යස්ථානයෙන් නිවේදනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 07, කොළඹ LNW : 2025 "දිට්වා" සුළි...

සුඩානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් ප්‍රහාරයක් හේතුවෙන් දරුවන්ද ඇතුළුවන් 114 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් මස 07: ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) :...