(VIDEO)සියල්ල ඡන්දයකට සැරසෙද්දී,ජනපති වත්මන පහදයි, පක්ෂ අතර ගැටුම් ,සජබෙට වදයක් වූ ෆොන්සේකා, සමඟින් උදෑසන Daily News@8(07/03)

Date:

සටහන – රෂිකා හෙන්නායක ජූලි 03, කොළඹ (LNW):

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ,ජුනි 26 වනදා මෙරට නිල ණය හිමියන් සමඟ ණය ආපසු ගෙවීම පිළිබඳව එකඟතාවයන්ට එළඹීමට හැකි වූ බවත්, කැබිනට් මණ්ඩලය විසින් බලය පවරන ලද නිලධාරීන් මෙරට නියෝජනය කරමින් එම එකඟතාවන්ට හා ගිවිසුමවලට අත්සන් තැබූ බවත් සඳහන් කළේය. මීට වසර දෙකකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සිව් වැදෑරුම් වැඩ සැලැස්ම ඔස්සේ යමින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත් කර ගෙන තිබෙන ආකාරය ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දුන්නේය.

පොලිස් ප්‍රධානීන් රැසකට හදිසි ස්ථාන මාරු!

ඖෂධ සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රයක්!

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන කිසිදු යෝජනාවකට එකඟ නොවීමට සමඟි ජන බලවේගය තීරණය කර තිබේ. දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසමින් තිබෙන්නේ ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙලට සමඟියේ සැලකිය යුතු මන්ත්‍රී කණ්ඩායමකගේ සහය යෝජනා වී ඇති බවයි. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් සෘජුවම සජිත් ප්‍රේමදාස, විපක්ෂ නායක වෙත කර තිබෙන බලපෑමද ඊට රුකුලක් දී ඇති බවද කියවෙයි.
අභාවප්‍රාප්ත ආර්. සම්බන්ධන් මහතාගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි!

එක්ව නංවන රටක් සතුට පිරුණු දැයක් තේමාව යටතේ ව්‍යවසායකත්ව රාජ්‍යයක් තුළින් සතුටු දැයක් කරා ශ්‍රී ලංකාව ගොඩ නැංවීමේ උපාය මාර්ගික සැලැස්මේ පළමු කෙටුම්පත එළඹෙන 06 වැනිදා එළිදැක්වීමට නියමිත බව සර්වජන බලය විධායක සභික පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රී මණ්ඩලයේ චන්න ජයසුමන මහතා පැවසීය.

කාන්තාවන්ට විශේෂ ණය යෝජනා ක්‍රමයක්!

කෙහෙළිය මුදාහරිනවාද? නැද්ද? පෙත්සම ගැන තීන්දුව අගෝස්තු 01ට කල් යයි!

සහ තවත් පුවත් රැසක් සමඟින් අදත් උදෑසන Daily News@8(07/03)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තුසිත හල්ලොලුව රිමාන්ඩ්. වෙඩිතැබිල්ල තුසිතගේම වැඩක් බව පොලීසිය උසාවියට කියයි !

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම හිටපු ජනාධිපති...

Tasty Tuesdays: කටට රහට හැදෙන කොත්තු රොටියේ රස රහස (The Story of Sri Lanka’s Beloved Koththu Roti)

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

“එක මිටට ගොවි බිමට” ජාතික කර්තව්‍යයට DEARO AGRI එක් වෙයි!

පුරන් කුඹුරු යළි අස්වද්දවා රට සහලින් ස්වයංපෝෂිත කිරීමට රජය...

කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් වාර්තාවක් – S&P SL20 ඒකක 6,000 ඉක්මවයි !

කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ පළමු වරට S&P SL20 දර්ශකය...