(VIDEO):මෑන් ඔෆ් ද මැච් රනිල්ද? නාමල් ද?

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණ ජන්ද උණුසුම දිනෙන් දින වැඩි වෙමින් තිබෙන පසුබිමක මේ වන විට වැඩිවශයෙන් ඉස්මතුව තිබෙන කාරණයක් වී තිබෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපති ධූර අපේක්ෂකත්වය ගැනයි.

සමඟියේ සජිත් ප්‍රේමදාස සහ මාලිමාවේ අනුර දිසානායක කලක සිටම මේ සටනට අවතීර්ණව සිටි නමුත් දැන් වැඩි කතාබහට ලක්ව තිබෙන්නේ වික්‍රමසිංහ මහතාගේ නැවත ආගමනය ගැනයි.

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ආණ්ඩුවේ ඇමති ධූර ලබා සිටින බහුතරයක් දෙනා රනිල් වික්‍රමසිංහට සහය පළකරන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන අතර පසුගියදා මාතර පැවති එක්ව ජයගමු රැළියටත් පොහොට්ටු කණ්ඩායමක් ගොස් සිටි ආකාරය දකින්නට ලැබුණා.

මේ අතර ලන්සලාගේ නව සන්ධානය සහ නිමල් සිරිපාලගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම තවත් පසෙකින් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දක්වමින් සිටිනවා.

තවත් පැත්තකින් වික්‍රමසිංහ මහතාගේ නැවත ආගමනය වෙනුවෙන් සන්ධානයකුත් ගොඩනැගීමට නියමිත අතර එහි ව්‍යවස්ථාවේ කටයුතු අවසන්ව ඇති බවටයි දැනගන්නට ලැබෙන්නේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ තවත් විශාල කණ්ඩායමකගේ සහය ඇතිව මෙරට දේශපාලන ඉතිහාසයේ හැදෙන ලොකුම සන්ධානය හදන බවටයි ඒ පසුපස සිටින අය දැනටමත් පවසලා තියෙන්නේ.

එහෙම වුණොත් එතනට සජිත්ගේ සමඟියේ කණ්ඩායමකුත් එක් වීමට නියමිත බවත් සඳහන්.

මේ මැතිවරණ උණුසුමේ හොඳම හරියක් විදිහට තියෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, සාගර කාරියවසම්, රෝහිත අබේගුණවර්ධන වගේ කණ්ඩායම ඉන්න පිල සහ රනිල් වික්‍රමසිංහ පාර්ශවය අතර පවතින මත ගැටුම.

මේ වෙලාවේ වික්‍රමසිංහ මහත්තයට වැඩේ ආපහු ගොඩ දාගන්න පොහොට්ටුවේ සම්පූර්ණ සහය ඕන වෙනවා. එහෙම නැති වුණොත් ජන්ද කැඩෙන එක විතරයි වෙන්නේ. ඒ නිසා වික්‍රමසිංහ මහත්තයගේ පැත්තේ ඉන්නේ පොහොට්ටු බල ඇණිය එක එක උප්පරවැට්ටි යොදමින් පක්ෂයම එතෙනට ගෙන එන්න උත්සහ දරමින් ඉන්නවා. ඒ අතරේ එස්. බී. දිසානායක දෙපැත්තම කූල් කරමින් පූට්ටුව ගොඩදාගන්න ට්‍රයි කරන බවක් පෙන්නේ. ඒ අතරේ නාමල් රාජපක්ෂ අවධාරණය කරමින් ඉන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති පිළිගන්න, මහින්ද චින්තනයට එකඟ වෙන ,පොහොට්ටු පාක්ෂිකයින්ට අගතියක් නොවන අපේක්ෂකයෙන් පොහොට්ටුවෙන් ඉදිරිපත් කරන බවටයි.

මොන ප්‍රශ්නය තිබුණත් ඉදිරි මැතිවරණයකින් ජනතාවගේ තීන්දුව ප්‍රකාශ වෙන තුරු මේ ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නැහැ කියලත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගියදා පොහොට්ටු ජන හමුවකදිත් පවසලා තිබුණා.

නාමල්ගේ මේ කතාව තවත් පහසු කරමින් ඊයේ පොහොට්ටුවේ ලේකම් සාගර කාරියවසම් බෝලයක් දාලා තිබුණා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන වුණත් සලකා බලන්න පුළුවන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නවා නම් කියල. පොහොට්ටු ලේකම්තුමා කියන විදිහට රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා පොහොට්ටුවට අවොත් ජනාධිපතිවරණයේ අපේක්ෂකයා වෙන්නත් පුළුවන් කියන කතාව.

කොහොමත් දැන් තියෙන තත්ත්වය අනුව නම් මේ දෙපාර්ශවයට ඔවුනොවුන් අතර යැපීමක් නොවුණොත් ඔය හැමෝටම දේශපාලන අනාගතයක් නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා එක වංගු ගසමින් විවිධ මත ගොඩ නගමින් සන්ධාන හදමින් පොදු අපේක්ෂක සංකල්පය ඉස්සරහට දමමින් තියෙන බාධාවන් ගැටුම්කාරී තැන් ක්‍රමානුකූලව ලෙහා ගන්න වෙනවා. මොකද ඔය දෙගොල්ලන්ටම බලය නැතුව ඉන්නවා කියන එක හිතන තරම් ලේසි නැහැ. ඒ නිසා එක එක රැඟුම් අස්සේ දෙගොල්ලන්ටම එකට හමුවෙන්න පුළුවන් ජන්ක්ෂන් එකක් හදා ගන්න එක තමයි මේ වෙන්නේ කියලයි පේන්න නම් තියෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...