*
Wednesday, July 24, 2024
spot_img

Latest Posts

කෙන්යාවෙන් ශ්‍රී ලංකාවට: විරෝධතා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ඉහළ අභිලාෂය

කොළඹ LNW:මගේ හැදෙන වැඩෙන වියේදී, මම දිගු දුර දිවීමෙහි නිරත වූ විට, මම රූපවාහිනියෙන් නැරඹූ කෙන්යානු දුර දුවන්නන්ගේ වෙහෙසක් නොමැති ලෙසක් පෙණුනු රිද්මයට වශී වී සිටියෙමි. එම කඩිසර කෙන්යානු ගැහැණුන් සහ පිරිමින් මෙන් දිවීමේ මගේ සිහිනය කිසිදා ඉටුකර ගැනීමට නොහැකිව, මගේ පසුකාලීන වසරවලදී මම 1950 ගණන්වල යටත්විජිත විරෝධී මාවු මාවු කැරැල්ල සහ කෙන්යාවේ නිදහස පුරෝකථනය කළ කුරිරු බ්‍රිතාන්‍ය ප්‍රති-කැරැල්ල ගැන කියෙව්වෙමි. පසුගිය සතියේ කෙන්යාවේ ඉහළ යන බදු සහ අඩපණ කරන සුළු පටි තදකරලීමේ ක්‍රියාවන්ට එරෙහිව ඇති වූ බලවත් විරෝධතා නිසා, මගේ මනසේ තිබූ එම පෙර රූප ජීවමාන විය.

පසුගිය සතියේ කෙන්යානු තරුණයන් මාර්ග බාධක මත එල්ල කළ අභීත තෙරපුම, හරියටම දෙවසරකට පෙර අපේ තරුණයන් කොළඹ ජනාධිපති මන්දිරයට කඩා වැදීම අපට මතක් කර නොදී සිටිය නොහැක. කෙන්යානු ව්‍යාපාරයේ දැන් ඔවුන්ගේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු යැයි කරන ඉල්ලීම් ශ්‍රී ලංකාව පුරා අපට ඇසුණු දෙය ප්‍රතිරාවය කරයි, එහි ප්‍රතිඵලය වූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පලා යාමයි.

මෙම සන්දර්භය තුළ, කෙන්යාවේ අර්බුදයෙන් සහ විරෝධතා වලින් ශ්‍රී ලංකාවට සහ වඩාත් පුළුල්ව ගෝලීය දකුණට බොහෝ සංවේදී පාඩම් තිබේ. ගෝලීය දකුණේ බොහෝ පාලක ප්‍රභූ තන්ත්‍රයන්ට බටහිර හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුශාසනාවෙන් ඔබ්බට දැක්මක් නැත. වත්මන් ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය නැවත නැවතත් ගැඹුරු වන ණය අර්බුදවලට, විසඳුමකට වඩා, හේතුව වෙයි. තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අවශ්‍යතා අසමාන සහ උද්ධරණීය ගෝලීය පර්යායක් ශක්තිමත් කරන ණයහිමියන්ගේ සහ බටහිරයන්ගේ අවශ්‍යතා සමඟ පෙලගැසී ඇති බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය නිරාකරණයේ මාවත අනුගමනය කිරීම නිෂ්ඵල ය.

වොෂින්ටන් සහ නයිරෝබි

කෙන්යාව පසුගිය වසර කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුළුල් වැඩසටහනක මැද සිට ඇති අතර, එය ණය පැහැර හැරීමෙන් වැළකුණු සාර්ථක කතාවක් ලෙස ඉදිරිපත් කරනු ලැබ ඇත. මාසයකට පෙර, “නයිරෝබි-වොෂින්ටන් දැක්ම” දියත් කිරීම සඳහා කෙන්යානු ජනාධිපති විලියම් රූටෝ ධවල මන්දිරයේදී පිළිගනු ලැබීය.

(https://www.whitehouse.gov/briefing-room/statements-releases/2024/05/23/the-nairobi-washington-vision/).මහත් කාහල නාද මධ්‍යයේ, ‘දැක්ම’ පිළිබඳ ලේඛනය කියා සිටින්නේ මෙලෙසිනි : “ඉහළ අභිලාෂකාමී රටවලට ඉහළ අභිලාෂකාමී මූල්‍ය ආධාර ලැබේ … ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල සහ නිල ද්විපාර්ශ්වික ණය හිමියන්ගේ ඉහළ අභිලාෂයෙනි.”

ධවල මන්දිරයේ මේ සියලු අනුග්‍රහය දක්වන “ඉහළ අභිලාෂකාමී” කතාව සමඟින්, ‘දැක්ම’ ලේඛනයේ අවසාන පේළි එය වැඩියෙන් හෙළිකරන්නේ නව බෝතල්වල දැමූ පැරණි වයින් ලෙස ය : “පෞද්ගලික අංශය කේන්ද්‍ර කරගත් බහුපාර්ශ්වික සංවර්ධන බැංකු සහ සංවර්ධන මූල්‍ය ආයතන හරහා ඇතුළුව ද්විපාර්ශ්වික නිල ණය හිමියන්, පුද්ගලික ප්‍රාග්ධනය බලමුලු ගැන්වීමට සහ දේශීය ප්‍රාග්ධන වෙලඳපොලවල් ගැඹුරු කිරීමට උපකාරී වන යාන්ත්‍රණයන් විශාල කිරීම මගින් තිරසාර මූල්‍ය වල පුද්ගලික ආයෝජන සඳහා සහාය වැඩි දියුණු කරයි.” වෙනත් වචන වලින් කිවහොත්, වොෂින්ටනය සඳහා විසඳුම වන්නේ සුපුරුදු පරිදි දේශීය මූල්‍යකරුවන් සමඟ සම්බන්ධ වීමෙන් ගෝලීය දකුණ අමාරුවෙන් විවර කිරීමට ගෝලීය මූල්‍යකරුවන් විසින් මෙහෙයවනු ලබන වඩා ඉහළ මූල්‍යකරණයයි.ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙලඳපොලවල වානිජ ණය ගැනීම් මගින් පැන නගින ස්වෛරී ණය අර්බුදයේ වත්මන් රැල්ලේ මූලය එවැනි මූල්‍යකරණයක් බව සැලකිල්ලට ගත යුතු කරුණක් ලෙස සළකනු නොලැබෙයි. ඇත්ත වශයෙන්ම ධවල මන්දිරය පාලනය කරන වෝල් වීදියේ ගෝලීය මූල්‍යකරුවන් සඳහා තවදුරටත් උද්ධරණය සඳහා මාර්ගය මෙයයි.

වොෂින්ටනයේ මේ සියලු අධි අභිලාෂකාමී කතාවෙන් යන්තම් මාසයකට පසුව, පටි තදකරලීමේ පියවරයන්ට සහ තව දුරටත් බදු ඉහල දැමීමේ පියවරයන්ට එරෙහිව නයිරෝබිහි විරෝධතා පුපුරා ගියේය. එම බදු ඉහල දැමීම් ම වොෂින්ටනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරියට තල්ලු කරන ලදී. 2024 ජූනි 11 වැනි දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශය, කෙන්යාව සමඟ එහි ණය පහසුකම් තුනක් සම්බන්ධයෙන් මාණ්ඩලික මට්ටමේ ගිවිසුම්වලට එළැඹුණු විට, පහත සඳහන් දේ ප්‍රකාශ කළේය.

“ගමන් මඟ නිවැරදි කිරීම සඳහා 2024/25 මූල්‍ය වර්ෂයන්හි හි සැලකිය යුතු සහ පෙර මූල්‍ය ගැලපීමක් අවශ්‍ය වේ. මේ සඳහා 2024/25 අයවැය කෙටුම්පත සහ 2024 මූල්‍ය පනත් කෙටුම්පතේ සන්දර්භය තුළ පියවර කිහිපයක් හඳුන්වා දෙමින් රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණය සඳහා බලධාරීන් තීරණාත්මක පියවර ගෙන ඇත. වැදගත්ව, දෙවැනිව කී කරුණ දේශීය බදු පදනම පුලුල් කිරීමේ ක්‍රියාමාර්ග මත කේන්ද්‍රගත වේ… රාජ්‍ය වියදම් සහ වැටුප් බිල්පත් ප්‍රතිසංස්කරණ, රජය සතු ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම, ඵලදායි නොවන වත්මන් වියදම් තාර්කික කිරීම සහ සහනාධාර සහ මුදල් ආධාර වඩා හොඳින් ඉලක්ක කිරීම…”

එවන් වූ මහජන කෝපයට තුඩු දුන්නේ, පටි තදකරලීමේ පියවර, රාජ්‍ය ආයෝජන, රාජ්‍ය අනුග්‍රහය, වැටුප් සහ රාජ්‍ය ව්‍යවසායන් අඛණ්ඩව ඛාදනය කරමින් සිටියදීම ගෙන ආ මෙම මූල්‍ය පනත් කෙටුම්පත සහ අත්‍යාවශ්‍ය දේ ඇතුළු බදු වැඩි කිරීමේ පියවරයන් ය. “කෙන්යාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පර්යේෂණ සඳහා යොදාගන්නා විද්‍යාගාර මීයා නොවේ” යන්නද විරෝධතා සටන් පාඨ වලට ඇතුළත් විය. වොෂින්ටනයේ ඉහළ අභිලාෂකාමී පොරොන්දු සහ ගෝලීය දකුණේ සමාජ දුක්ඛිත යථාර්ථය සමඟ මෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කතාන්දරය නිතර අසන්නට ලැබේ. ඇත්ත වශයෙන්ම, “ණයගැති සන්ධානයක්” පිහිටුවීමට සහ වෙනත් සංවර්ධන මාවතක් සැළසුම් කිරීමට දකුණු-දකුණු සහයෝගීතාවයක් නොමැති නම්, අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ බටහිර විසින් ‘විද්‍යාගාර මීයන්’ මෙන් දිගටම සලකනු ඇත.

කොළඹ සහ මැතිවරණ

ණය අර්බුද විසඳීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශය වටා ඇති පිටකටුව ඉරිතලා යාමට පටන් ගෙන තිබේ. නයිරෝබි හි කැරැල්ල පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ දරුණු විවේචන සමඟ දිග හැරෙමින් තිබියදීත්, අපගේ ජනාධිපතිවරයාට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බේරුම්කරණ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුව සැමරීමට ය. ඊටත් වඩා විශාල ණය කොටසක් හිමි බැඳුම්කර හිමියන් තවමත් එකඟතාවට පත් වී නොමැති අතර, ද්විපාර්ශ්වික ගනුදෙනුවේ නියමයන්, ණය පිළිබඳ අවසාන තීරණයක් ගැනීම දිගින් දිගටම කල් දමමින් සිටින අතරම, හුදු 30% ක ණය කප්පාදුවක් සපයයි. ශ්‍රී ලංකාව 2027 සිට සෑම වසරකම විදේශ ණය සේවා සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ට සමාන මුදලක් ගෙවනු ඇත. දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක රාජ්‍ය ආදායමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉලක්කයක් ලබා දී තිබෙන තත්වයක් යටතේ, එවැනි බාහිර ණය ගෙවීම් සෑම වසරකම රාජ්‍ය ආදායමෙන් 30% ක් වනු ඇත.

වක්‍ර සහ ප්‍රතිගාමී අගය එකතු කළ (වැට්) බද්දට කළ මෑතකාලීන ඉහළ දැමීම් ශ්‍රී ලංකාවේ වැඩකරන ජනතාවට දැනටමත් දරාගත නොහැක. තවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉලක්කය සපුරා ගැනීම සඳහා, රජයේ ආදායම පසුගිය වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 11% සිට 2026 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% දක්වා ඉහළ නැංවිය යුතුය. එසේ වුවද, බාහිර ණය සේවා සඳහා අමතර ආදායමේ මෙම සම්පූර්ණ වැඩිවීම ගෙවීම ශ්‍රී ලංකාව සඳහා බංකොලොත් භාවය ප්‍රකාශ කිරීම පිළිබඳ ඇතිකරගත් හොඳ ගනුදෙනුවක් ලෙස ආණ්ඩුව විසින් ප්‍රකාශ කරනු ලැබේ; එය ඉදිරි මැතිවරණයට පෙර කඩිමුඩියේ ගත් දේශපාලන පියවරකි. නමුත් ඇත්ත වශයෙන්ම, එය වසර කිහිපයකින් තවත් ණය පැහැර හැරීමකට සහ නැවත නැවතත් සිදු කෙරෙන පටි තදකරලීමේ සහ අසන්තකකරණයේ චක්‍ර වලට රට වඩාත් ගොදුරු කර ඇත.

පසුගිය සතියේ ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රකාශයට වඩා හොඳින් කොළඹ කොම්ප්‍රදෝරු ප්‍රභූ තන්ත්‍රයේ උද්ධච්චකම අල්ලා ගත නොහැකි වූවාක් මෙනි.

“මිනිසුන් 20ක් පමණ වෙඩි තබා මරා දැමූ කෙන්යාවේ මෑතකාලීන කැරලි, ආර්ථික අස්ථාවරත්වයේ ප්‍රතිවිපාක ඉස්මතු කරයි. ශ්‍රී ලංකාව තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති නොකළහොත් අපටද මෙවැනිම නොසන්සුන්තාවකට මුහුණ දීමට සිදුවනු ඇත. එබැවින් මෙම රටවල් සඳහා අරමුදල් වෙන් කළ යුතු අතර, ශ්‍රී ලංකාව මෙම වෑයම සඳහා පූර්ණ සහයෝගය ලබා දෙයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව එවැනි ආධාර සොයන්නේ තමන් වෙනුවෙන් නොවේ; අපි අපේ ශක්තිය සහ දැනුම උපයෝගී කරගනිමින් ස්වාධීනව අපගේ ණය කළමනාකරණය කරන්නෙමු. තරඟකාරී, ඩිජිටල් සහ හරිත ආර්ථිකයක් බවට විපරිණාමය වෙමින් අපි මෙම මාවතේ ඉදිරියට යා යුතුය.”

එය හරියට ධවල මන්දිරයට ගොස් කොළඹ – වොෂින්ටන් දැක්මක් එළිදැක්වීමට තම ඉහළ අභිලාෂයෙන් යුතු ජනාධිපතිවරයාට අවශ්‍ය වී ඇතිවාක් මෙනි!

මේ වසර අග මැතිවරණ එනතුරු බලා සිටින කොළඹ දේශපාලන විපක්ෂය අවදි විය යුතුය. ඊනියා ආර්ථික ප්‍රකෘතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාවතට විකල්පයක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි නම්, ඔවුන්ගේ දේශපාලන අනාගතය කෙන්යාවේ මෙන් අවසන් විය හැකිය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් මධ්‍යයේ ජනාධිපති රූටෝ කෙන්යාවේ මැතිවරණයකින් ජයග්‍රහණය කළ නමුත් වසර දෙකක් ඇතුළත ඔහුට ඉල්ලා අස්වීමේ ඉල්ලීම්වලට මුහුණ දීමට සිදුවේ. අපි කෙන්යාවේ ධෛර්ය සම්පන්න විරෝධතාකරුවන් සමඟ අපගේ සහයෝගීතාවය ප්‍රකාශ කරන අතරම, අප ඔවුන්ගේ අත්දැකීම් වලින්ද ඉගෙන ගත යුතුය. නිවැරදි මඟ පෙන්වීමකින් යුතු අලුත් ආණ්ඩුවක් ඇති කර ගැනීම සඳහා, මැතිවරණවලට පෙර කරන බලමුළු ගැන්වීම් සහ අරගල මැතිවරණ මෙන්ම වැදගත් විය හැකිය.

අහිලන් කදිර්ගාමර්

(Kenya to Sri Lanka: Protests, IMF and High Ambition යන මැයෙන් 2024 ජූලි 1 වැන දින Daily Mirror පුවත් පත පළ කළ ලිපියේ සිංහල පරිවර්ථනය සංස්කරණය ‘කතිකා’ විසිනි.)

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan