කහවත්තේ OIC යාපනයට මාරු කරයි

0
535

කහවත්ත පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා යාපනය පොලිස් කොට්ඨාසයට මාරුකර තිබේ.

ඒ, කහවත්ත ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් වෙඩිතැබීමේ සිද්ධියේ විමර්ශනවලට අදාළව ය.

පොලීසියේ බව කියාගත් පිරිසක් ජීප් රථයකින් නිවසට පැමිණ මෙම තරුණයින් දෙදෙනා පැහැරගෙන ගොස් පාළු ප්‍රදේශයකදී ඔවුන්ට වෙඩිතබා තිබුණු අතර එහිදී එක් තරුණයකු එතැනම ජීවිතක්ෂයට පත්ව අනෙක් තරුණයා තුවාල ලබා තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් තරුණයකුගේ පියා කහවත්ත පොලීසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේදී එහි නිලධාරීන් බීමත්ව සහ ඉතා නොසැලකිලිමත් ලෙස කටයුතු කළ බවට ද චෝදනා එල්ල වී තිබිණි.