කඳානේ වෙඩිතැබීම : හිටපු ඇමති මංගලගේ පුද්ගලික ලේකම්ට තුවාල. මිතුරා මරුට !

Date:

අද (03) උදෑසන කඳාන පොදු වෙළඳපොල අසලදී සිදුවූ වෙඩිතැබීමෙන් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමීර මනහර මහතා තුවාල ලබා ඇති බව වාර්තා වේ.

සමීර මනහර ඔහුගේ මිතුරෙකු සමග මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්.

එහිදී සමීර මනහර සහ ඔහුගේ මිතුරා තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර ආරංචිමාර්ග පැවසුවේ සමීර මනහරගේ මිතුරා මියගොස් ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ සමීර මනහරගේ දීර්ඝ කාලීන මිතුරෙකු වන උපාලි නමැති 50 හැවිරිදි අයෙකි.

වෙඩිතැබීමට හේතුව හෝ වෙඩිතැබූ ගිනිඅවිය කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උතුරු – නැගෙනහිර අද හර්තාලය අසාර්ථක වන ලකුණු ?

අද (18) දිනයේදී උතුරු - නැගෙනහිර ප්‍රදේශවල පැවැත්වීමට නියමිතව...

හිටපු ඇමති මනූෂව නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය හමුවට කැඳවයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය...

අපේ ලිපියට ක්‍රීඩා ඇමති දැක් වූ ප්‍රතිචාරය ගැන

නිශ්මං රණසිංහ අගෝස්තු 17, කොළඹ LNW: අප විසින් ලියන්නට යෙදුණ ‘මලල...