Sunday, November 27, 2022
spot_img

Latest Posts

තද සුළං සහ මුහුදු රළ ගොඩගැලීම් පිළිබඳ කාලගුණයෙන් රතු නිවේදනයක් !

නිරිත දිග මෝසම් තත්වය සක්‍රිය වීම හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 – 70 දක්වා වැඩිවිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ රළු සිට ඉතා රළු දක්වා විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු හඟවයි.

රතු නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 – 3.5 පමණ ඉහළ යාමේ හැකියාවක් ඇති බවත් මේ හේතුවෙන් පුත්තලම සිට කොළඹ, ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ඇති බවයි.

RN

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.