මුදල් ඇමති පදවිය යළිත් මොහොමඩ් අලි සබ්‍රිට ?

0
1615

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව නුදුරේදීම මුදල් අමාත්‍ය තනතුරෙන් ඉවත් කෙරෙනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා සාර්ථක කරගැනීමට වික්‍රමසිංහ මහතා අපොහොසත් වීම මත මෙසේ ඒ මහතාව මුදල් අමාත්‍ය තනතුරෙන් ඉවත් කෙරෙනු ඇති බව සඳහන්.

ඒ අනුව පසුගිය අප්‍රේල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කළ හිටපු මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාම නැවතත් මුදල් අමාත්‍ය ධුරයට පත්කෙරෙනු ඇති බවත් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

RN