අලි අනතුරකට මුහුණ දුන් ජැක්සන් කොළඹ ජාතික රෝහලට

Date:

වනඅලි අනතුරකට මුහුණ දී අනුරාධපුර රෝහලට ඇතුළත් කළ ජැක්සන් ඇන්තනි මහතා මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත මාරු කර ඇති බව වාර්තා වේ. ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ රාත්‍රී 10 ට පමණ ජැක්සන් ඇන්තනි මහතා ගමන් කරමින් සිටි කැබ් රථය අනුරාධපුර තලාව මාර්ගයේදී වනඅලි ප්‍රහාරයකට ලක් වූ අතර වනඅලියා කැබ් රථය මතට ඇදවැටී තිබෙනවා.

මෙම අනතුරින් ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු තිදෙනෙකු තුවාල ලැබූ අතර අනෙක් දෙදෙනා මේ වනවිට අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. ඔවුන්ගෙන් එක් අයෙකු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර අනෙක් පුද්ගලයා සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් කැබ් රථයටද බරපතල හානි සිදුව තිබේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වම්මුන්ගේ පැලැස්තර : “වාම රාජ්‍ය” ෆැන්ටසියක්ද, යථාර්ථයක්ද ?

ඕනෑම මිනිස් සමාජයක් තුල ස්වභාවිකවම පිළිසිඳගන්න අනිවාර්ය මනෝව්‍යාධීන් කිහිපයක්...

වැසි තත්වයේ වෙනසක් – අද (21) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 21) දිනයේදී නැගෙනහිර, ඌව...

Rebuilding Sri Lanka:අඟුණකොළපැලැස්ස බන්ධනාගාර නිලධාරීන්ගෙන් සහ රැඳවියන්ගෙන් පරිත්‍යාගයක්!

කොළඹ LNW: අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට...

ගුවන සෙලවෙයි

    නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මැලිබන් කුසලාන ජාතික රග්බි...