22 ප්‍රජාතන්ත්‍රවිරෝධීයි, ජනතාවත් එක්ක අපි පාරට බහිනවා – ශ්‍රීලනිපය

Date:

නව ව්‍යවස්ථා සංශෝධනය හරහා, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කරන බවට ආණ්ඩුව ප්‍රකාශ කළද දැන් ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන්නේ, 19 ට හාත්පසින්ම වෙනස් විකෘති සංශෝධනයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. යෝජිත 22 වැනි සංශෝධනය ප්‍රජාතන්ත්‍රවිරෝධී බවට තොරතුරු ලැබී ඇති බවද සිරිසේන මහතා සඳහන් කරයි.

ජනතාව අපේක්ෂා කළේ විධායක ජනාධිපතිවරයා සතු බලතල කප්පාදු කරන, පාර්ලිමේන්තු බලය ශක්තිමත් කරන සංශෝධනයක් බවත්, කෙසේ නමුත් එම අපේක්ෂාව ඉටුවී නොමැති බවත් ඔහු සඳහන් කරනවා. එබැවින් මෙවැනි සංශෝධනයක් සඳහා කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය නොලැබෙන බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.

එපමණක් නොව ආණ්ඩුවේ මෙම ප්‍රජාතන්ත්‍රවිරෝධී උත්සාහයට එරෙහිව රටපුරා විරෝධතා පැවැත්වීමට ශ්‍රීලනිපය තීරණය කර තිබෙනවා.‍ මීට අමතරව 22 ට එරෙහිව අධිකරණය හමුවට යාමටද තීරණය කර තිබේ.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ ආණ්ඩුවේ කිසිදු තනතුරක් බාර ගැනීමට සූදානම් නොමැති බවයි. ජනතාව මුහුණ දී සිටින කිසිදු අර්බුදයකට විසඳුම් ලබාදීමට වත්මන් ආණ්ඩුව සමත් වී නොමැති බව පෙන්වා දෙන සිරිසේන මහතා පවසන්නේ වහාම ආණ්ඩුව ඉල්ලා අස් වී ගෙදර යා යුතු බවයි.

ජනතා අර්බුද විසඳීමට නම් වහාම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත්, එවැනි ආණ්ඩුවක කොටස්කරුවන් වීමට ශ්‍රීලනිපය සූදානම් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...