සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා රෝග සහන සත්කාර මධ්‍යස්ථානය ” සුව අරණ” නමින් පසුගිය දා (29) කරු ජයසූරිය මැතිතුමාගේ දෑතින් දස දහස් ගණන් වන ශ්‍රී ලාංකික පිළිකා සහිත දරුවන් වෙනුවෙන් දායාද කරනු ලැබීය.
“පිළිකා සහිත දරුවන් සඳහා නිවසින් බැහැර නිවසක්” යන තේමාවෙන් මෙය නිර්මාණය කර ඇති අතර අපේක්ෂා රෝහලට මීටර් 50ක් පමණ දුරින් මෙම නිවාසයේ නොමිලේ නේවාසික පහසුකම් සපයන නිවාසය පිහිටා ඇත
Indira Cancer Trust හි අනුබද්ධ ආයතනක් ලෙස නවීන පහසුකම් සහිත නිසංසල පරිසරයක පිහිටා ඇති මෙම නිවස්නය ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා රෝග සහන සත්කාර මධ්‍යස්ථානය ලෙස ඉතිහාසයට එක්වී හමාරය.
මූලික ආචාර ධර්ම පද්ධතියක් අනුව නිර්මාණය කර ඇති මෙම පුරෝගාමී ව්‍යාපෘතිය ළමා පිළිකා රෝගීන් සඳහා කායික, චිත්තවේගීය සහ මානසික සුවය ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම සුව අරණ, එහි ගෘහ නිර්මාණ ශිල්පය සහ අභ්‍යන්තරය තුළද සම්මතයෙන් ඔබ්බට ගොස්, සෞඛ්‍ය සේවා වෘත්තිකයන්, ළමා රෝග විශේෂඥයින් සමඟ එක්ව කාර්යක්ෂමතාව, ක්‍රියාකාරීත්වය සහ වඩාත් සුවපහසු ලෙස නිර්මාණය කර ඇති ස්ථානයකි.
මහල් හයකින් සමන්විත මෙම පහසුකම තුළ රෝගී සත්කාර මහල් හතරක් ඇති අතර, එන්-සූට් පවුල් කාමර 32 ක් සහ විනෝදාස්වාද පහසුකම් වලින් ද සමන්විතය .
ශ්‍රී ලංකාවේ ළමුන් දහසකට ආසන්න සංඛ්‍යාවක් පිළිකා රෝගයෙන් පෙළෙන අතර, එයින් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකුම අඩු ආදායම්ලාභී පවුල්වල අය වේ. බොහෝ දෙනෙකුට ඔවුන්ගේ අවාසි සහගත ආර්ථික තත්වයන් හේතුවෙන් ඖෂධ, ප්‍රවාහනය සහ නවාතැන් සඳහා යන වියදම් දරාගත නොහැක. සුව අරණ මෙම දරුවන් සඳහා නිවසින් බැහැර නිවසක් ලෙස නේවාසික පහසුකම්වලින් අනූණව සම්පූර්ණයෙන්ම නොමිලේ පහසුකම් සැපයීම සිදුකර ස්ථානයකි .
ඉන්දිරා පිළිකා භාරය, වයස අවුරුදු 40 දී පිළිකා රෝගයෙන් පෙළුණු ඉන්දිරා ජයසූරිය මහත්මියගේ අභාවයෙන් පසුව ක්‍රියාත්මක කෙරුණු වැඩසටහනකි.
පරිත්‍යාගශීලීන් අතර –
රොෂාන් මහානාම භාරය,
ලයන්ස් ක්ලබ් ජාත්‍යන්තර පදනම (සිංහ දිස්ත්‍රික් 306 බී 2),
එම්ජේඑෆ් පුණ්‍යාධාර පදනම,
විජේරාම පවුල් පදනම
ඕස්ට්‍රේලියාවේ ප්‍රින්ස් සමූහය
ඇතුළත් වේ.
මීට අමතරව, කාමර සඳහා අනුග්‍රහය දැක්වීම සඳහා පුද්ගලයින් සහ පවුල් රාශියක් විසින් මිල කළ නොහැකි සහයෝගයක් ලබා දී ඇති අතර, එමඟින් මධ්‍යස්ථානයේ ඉදිරි ගමනේ තිරසාර බව සහතික වේ.
සුව අරණ යනු ශ්‍රී ලංකාවේ ප්‍රථම ළමා රෝග නිවාරණ මධ්‍යස්ථානය වන අතර එය පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට විස්තීර්ණ, සාකල්‍ය සත්කාර සහ ආධාර සැපයීම සඳහා කැපවී ඇත.
වේදනා කළමනාකරණය, චිත්තවේගීය යහපැවැත්ම සහ පවුල කේන්ද්‍ර කරගත් රැකවරණය සඳහා ප්‍රමුඛත්වය දෙමින්, සුව අරණ පිළිකාවට මුහුණ දෙන දරුවන්ට ලැබිය යුතු දයාව, සහයෝගය සහ ගෞරවය සහතික කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අරමුණු කරයි.
මෙම අවස්ථාවට තානාපතිවරුන් විශාල ප්‍රමාණයක් සහභාගී වූ අතර , සබරගමුව පළාත් ආණ්ඩුකාරතුමන්, ත්‍රිවිධ හමුදාපතිතුමන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ඉන්දිරා පිළිකා භාරයේ සභාපතිනි ලංකා ජයසූරිය දිසානායක මැතිණිය ඇතුළු විශාල පිරිසක් සහභාගි වී සිටියහ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??