IDH රෝහලේ නොසැලකිල්ලෙන් සිව් හැවිරිදි දරුවෙකු මරුට!

කොළඹ LNW:උණ රෝගය හේතුවෙන් ප්‍රතිකාර සඳහා පසුගිය 30 වැනිදා ජාතික බෝවන රෝග විද්‍යායතනයේ වාට්ටු අංක දෙකට ඇතුල් වූ දරුවෙකු සිව් හැවිරිදි දැරියක් ඩෙංගු කම්පන තත්ත්වයෙන් ඊයේ පස්වරුවේ මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය වෙන්නවත්තේ පදිංචි බිහංසා සදෙව්මිණි දියණියයි.

ඩෙංගු රක්තපාත තත්ත්වයේ කම්පන තත්ත්වයේදී සංසරණය වන රුධිරයේ ප්ලාස්මාව සංසරණයෙන් පිටතට යන තත්ත්වයක් ඇතිවෙන බවත් එය හදුන්වන්නේ ලීකින් ෆේස් ලෙසත්ය.

මෙය පැය 8-12 පමණ කාලයක් පවතින අතර එම කාලය තුළ රෝගියා ඉතාම සුපරීක්ෂාකාරීව රෝහල් කාර්ය මණ්ඩලය විසින් අධීක්ෂණය කළ යුතු වන අතර එම අවස්ථාව නිසි ලෙස කළමනාකරණය කරගත හොත් රෝගියාගේ ජීවිත අවධානම වළක්වා ගැනීමට හැකි වන බවයි රෝහල් කාර්ය මණ්ඩලයේ අයෙක් සඳහන් කළේ.

මෙම දැරියගේ මරණයට හේතුව ඩෙංගු කම්පන තත්ත්වය බවත් මෙම කම්පන තත්ත්වය කලින් හඳුනා ගත්තා නම් මෙම මරණය සිදුනොවන බවත් ඒ අනුව නිසි ලෙස තත්ත්වය හඳුනාගෙන නොමැති බවත් සිදුකර තිබෙන ප්‍රතිකාර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බව විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා දැරියගේ මවට පවසා තිබේ.

මුල් අවස්ථාවේදී කම්පන තත්ත්වය හදුනාගෙන නොමැති බවත් මෙම කම්පන තත්ත්වය හදුනාගෙන ඇත්තේ ඊයේ දිනයේදී බවත් සඳහන්.

මේ වන විට මෙම මරණයේ අභ්‍යන්තර ඉන්ද්‍රීයන් පටක පරීක්ෂණවලට යොමුකර තිබේ.

ඩෙංගු රෝගය සදහා ප්‍රතිකාර කරන දිවයිනේ ප්‍රමුඛතම වෛද්‍යවරයකු වන ආනන්ද විජේවික්‍රම මහතා සේවය කරන රෝහලේ මෙවැන්නක් සිදු වූයේ කෙසේදැයි රෝහලේ කාර්ය මණ්ඩලයේ අයෙකුගෙන් විමසූ විට එම තැනැත්තා පැවසූවේ මෙම මරණය සිදුවී ඇත්තේ ළමා වාට්ටුවේ බවත් විජේවික්‍රම මහතා සත්කාර කරනු ලබන්නේ වැඩිහිටියන් සදහා වන බවත්ය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...