ඉදිරියට යද්දි කකුළෙන් අදින්න එපා. කාට කරන්නත් රටක් තියෙන්න ඕනේ – අමාත්‍ය අලි සබ්රි කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ණය ප්‍රතිව්‍යුහගත නොකළොත් රට දිගටම බංකොලොත්භාවයේ පවතින බවත් , රටට ආයෝජන ගලා නොඑන බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි .

එවිට උද්ධමනය අහස උසට යන බවත්  , යම්  විදියකින් තැන්පතුකරුවන් බැංකුවල සල්ලි අරගෙන බැංකු වැටුනහොත් මෙරටට වෙන්නේ ලෙබනනයේ ඇතිවූ තත්ත්වය බව අමාත්‍යවරයා පවසයි .

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී අද (03) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා,

“ඉලක්ක සපුරා ගන්න විදේශ ණය හා දේශිය ණය දෙකම අපි ප්‍රතිව්‍යුහගත කරන්න වෙනවා. දේශිය ණය වසරකට 1.6%කින් කපා හැරිය යුතුයි අවුරුද්කට. එයින් ණය කපා හැරීමෙන් 1.1%ක් මහ බැංකුව භාර ගත්තා. ඉතුරු 0.5% සොයාගන්නේ කොහෙන්ද ? අපිට තුන් ගොල්ලක් ඉන්නවා. පළවෙනි එක බැංකු පද්ධතිය, දෙවෙනි  බැඳුම්කර හිමියන් සහ තුන්වන කොටස තමයි අර්ථ සාධක අරමුදලින් ඇතුළු විශ්‍රාමික අරමුදල් ටික. විශාලම වගකීම තමයි බැංකු පද්ධතිය නොවැටී ආරක්ෂා කරගැනීම. බැංකු පද්ධතියට අත නොතිබ්බේ ආරක්ෂා කරගන්න. පෞද්ගලික බැඳුම්කර හිමියන් නොගැනීමට හේතුව ඇහුවා. ගිය අවුරුද්දේ ආදායම් බදු වැඩි කළා. 24%ට තිබුණු ආදායම් බදු 36% දක්වා වැඩි කළා. 15%ට තිබුණු සමාගම් බදු 30%ක් දක්වා වැඩි කළා. හැබැයි EPF එක බදු ලෙස ගෙවන්නේ 14% යි. එතනදි ඔවුන්ට යම් වාසියක් තියෙනවා. දුෂ්කර තේරීම් අතරින් මේ තීරණය ගත්තේ. අවම හානිය වන අකාරයටයි.”

“ණය ප්‍රතිව්‍යුහගත නොකළොත් මොකද වෙන්නේ. රට දිගටම බංකොලොත්භාවයේ ඉඳියි. රටට ආයෝජන ගලා එන්නේ නැහැ. උද්ධමනය අහස උසට යයි. යමි විදියකින් තැන්පතුකරුවන් බැංකුවල සල්ලි අරගෙන බැංකු වැටුනොත්. ලෙබනනයේ ඇතිවූ තත්ත්වය ඇතිවෙයි. හානිය අවම තේරීම අරගෙන තියෙනවා. ජුනි 30 බ්ලූම්බර්ග් පත්තරයේ ලංකාව ගැන සඳහන් වුණා.ශ්‍රී ලංකාව අසීරු ආර්ථික අර්බුදයෙන් මිදිලා. ස්ථාවර ගමනක් ආරම්භ කළා කියලා. මේ ණය ප්‍රතිව්‍යුහගත කරගතහොත් ආයෝජන ගලා එයි. ආර්ථික වර්ධනයක් කරා ගමන් කරන්න පුළුවන්. මම හිතනවා සියලුම දේශපාලනඥයින් එකට එකතුවෙලා. ජනතාවට ආත්මවිශ්වාසයක් ලබාදිය යුතුයි. ඉදිරියට යද්දි කකුළෙන් අදින්න එපා. කාට කරන්නත් රටක් තියෙන්න ඕනේ.”

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Wanderlust Wednesday: නරඹන්න! සුන්දර ඇල්ල ප්‍රදේශයේ අලංකාරය! Exploring the Enchanting Beauty of Ella, Sri Lanka

සෑම බඳාදා දිනකම “Wanderlust Wednesday” තුළින් ඔබට ලස්සන තැන්,...

අනුරටත් නෑ ප්‍රධාන විපක්ෂෙටත් නෑ.ඊළඟ පාර නාමල්ට තමයි!

කොළඹ LNW:මීට පෙර නොදුට්‍රු අන්දමට ඊළඟ ජනාධිපති සම්බන්ධයෙන් විශාල...

රුසියාව සෙලවෙයි! හවායි හි ඉවත් කිරීමේ නියෝගත් ඉවතට!

සටහන – පුලී ජූලි 30, කොළඹ (LNW):  ඉතිහාසයේ දරුණුතම භූමිකම්පාවක්...

යුද හමුදාපති ලසන්ත රොද්‍රිගෝට ජනපතිගෙන් සේවා දිගුවක්

සටහන - රුවන් නෙළුගොල්ල යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ...