මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වී තිබේ.

මහාචාර්ය තිස්ස විතාරණ මිය යන විට 91 වෙනි වියේ පසු වූ අතර පසුගිය කාලය තුළ රෝගාතුරුව සිටි අතර අද උදෑසන කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස වරස 15කට වැඩි කාලයක් ව්‍යවස්ථාදායකය තුළ කටයුතු කර තිබෙන මහාචාර්ය තිස්ස විතාරණ මහතා අවසන් වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිසි අතර ඔහු වෘත්තියෙන් වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කර ඇත.

විදුලිබල හා බලශක්ති උපදේශක කමිටුව අධ්‍යාපනය පිළිබඳ උපදේශක කමිටුව දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක කමිටුව තාක්ෂණය, පර්යේෂණ සහ පරමාණුක බලශක්ති උපදේශක කමිටුව තාක්ෂණය සහ පර්යේෂණ උපදේශක කමිටුව ප්‍රතිපත්ති සැලසුම් කිරීම, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශක කමිටුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ උපදේශක කමිටුව කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක කමිටුව පළාත් සභා සහ ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ උපදේශක කමිටුව යන උපදේශක කමිටුවලද මහාචාර්ය තිස්ස විතාරණ කටයුතු කර තිබේ.

දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දෙනු ඇති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...