මීළඟ උතුරු කොරියානු නායකත්වයේ උරුමය කිම් ජොන් උන් ගේ දියණියටද?

සටහන – පුලී

පෙබරවාරි 13, LNW (කොළඹ):  උතුරු කොරියානු නායක කිම් ජොන් උන් තම දියණිය තම උරුමක්කාරයා ලෙස තෝරාගෙන ඇති බව දකුණු කොරියානු ස්පයි ඒජන්සිය බ්‍රහස්පතින්දා නීති සම්පාදකයින්ට ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

13 හැවිරිදි වියේ යැයි සැලකෙන කිම් ජු ඒ වන කිම් ජොන් උන්ගේ දියණිය, ඉකුත් සැප්තැම්බර් මාසයේ බීජිං වෙත ගිය සංචාරය, ඇයගේ පළමු විදේශ සංචාරය විය. එපමණක් නොව ඉහළ පෙළේ අවස්ථාවන්හිදී ඇගේ පියා අසලින් ඡායාරූප වලට පෙනී සිටිම මෑතක සිට සුලභ කරුණක් ද විය.

මෙම නිගමනය සිදු කිරීමේදී නිල උත්සවවලදී ඇය වැඩි වැඩියෙන් කැපී පෙනෙන මහජන සහභාගීත්වයන් ඇතුළු තත්වයන් පරාසයක් සැලකිල්ලට ගත් බව ජාතික බුද්ධි සේවය (NIS) පැවසීය.

සෑම වසර පහකට වරක් පවත්වනු ලබන විශාලතම දේශපාලන උත්සවය වන මෙම මස අගදී උතුරේ පක්ෂ සම්මේලනයට ඇය සහභාගී වේද යන්න පිළිබඳව විමසිලිමත්ව සිටින බව NIS වැඩිදුරටත් පැවසීය.

ඉදිරි වසර පහ සඳහා විදේශ ප්‍රතිපත්ති, යුද සැලසුම්කරණය සහ න්‍යෂ්ටික අභිලාෂයන් වැනි ප්‍රමුඛතා පිළිබඳ වැඩි විස්තර ප්යොංයැං විසින් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරන පක්ෂ සම්මේලනය ද මෙයයි.

ඉකුත් බ්‍රහස්පතින්දා නීති සම්පාදක ලී සියොං-ක්වෙන් වාර්තාකරුවන්ට පැවසුවේ, අනුප්‍රාප්තිකයෙකු වීමට පුහුණු ලැබූ අයෙකු ලෙස NIS විසින් කලින් විස්තර කරන ලද ජු ඒ දැන් අනුප්‍රාප්තිකයෙකු නම් කිරීමේ අදියරේ සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...