*
Monday, July 22, 2024
spot_img

Latest Posts

තරංගයකට වැටුණු විලංගුවක බර

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 04, (LNW) කොළඹ :

ශ්‍රී ලංකාවේ අලුතින්ම හඳුනාගන්න ලැබුණ මලල ක්‍රීඩා සූරයා රුමේෂ් තරංගය.ඒ නව හෙල්ල වීසි කිරීමේ සූරයා ලෙස ජාතික වාර්තාව අලුත් කිරීමත් සමඟය.21 හැවිරිදි ඔහු කොරියාවේ පැවති ආසියානු වීසි කිරීමේ සූරතාවලියේ දී මීටර් 85.45 ක දක්ෂතාවයක් දක්වමින් එම ක්‍රීඩා උළෙල වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක්ද පිහිටුවමින් ඉසව්ව ජය ගන්නේය.


ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙක් හැටියට ඔහුට ලැබෙන පළමු විදෙස් සංචාරය එය විය.ඔහු කණිෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස කොළොම්ඹියාවේ පැවති අවුරුදු 20 න් පහළ ලෝක සූරතාවයට ගොස් එහි අවසන් තරගය නියෝජනය කළේය.එයත් සුව පහසු සංචාරයක් නොවීය.තරගාවලියට යාමට නිසි වේලාවට වීසා නො’ලැබ ටොරිංටනයේ අරගල කර සමාජ කැළඹීමක් ඇති කර ගිය ගමණක්ය.එම සංචාරයේ දී ප්‍රමාදය නිසා සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තරගවලට පෙනී සිටින්නට ද නොහැකි වූ අතර තරුශි කරුණාරත්නට ද අවුරුදු 20 න් පහළ මීටර් 800 ලෝක සූරතා පදක්කමකට හැකියාව පෙනෙන්නට තිබුණ ද ඒ ප්‍රමාදය නිසා තරගය අහිමි විය.


පහතින් දැක්වෙන්නේ රුමේෂ් තරංගගේ හොඳම වීසි කිරීමේ දක්ෂතා දහය ය.


https://worldathletics.org/athletes/sri-lanka/rumesh-tharanga-pathirage-14886862
මේ ගැන විමසිල්මත් වීම ඔබට භාරය.මේ වසරේ ලොව හොඳම වීසි කිරීමේ දක්ෂතා අතර 10 වන තැනට පත් වීසිකිරීමේ දුර රුමේෂ්ගේ ය.ජූනි 30 වන තෙක්ම රුමේෂ් සිටියේ නව වන තැනය.


එම දත්ත මෙහි ඇත.

https://bit.ly/4craG3P
මෙවැනි දක්ෂතා දැක් වූ රුමේෂ්ගේ මීටර් 85.45 ක දුර සෘජු ඔලිම්පික් පරිසාධනයට වඩා සෙන්ටි මීටර් 5 ක් පසුපසින් විය.එහෙත් එතරම් ආසන්නයට පැමිණිය ද,පැරිස් ඔලිම්පික් උළෙලට යාමට ඔහුට ප්‍රසාද ලකුණු මදි විය.ඒ සඳහා ප්‍රමාණවත් හොඳ ක්‍රීඩා උළෙල නියෝජනයක් රුමේෂ්ට නොලැබීම ඊට හේතුව විය නොහැකිද?ප්‍රසාද ලකුණු 60 බැඟින් හෝ එකතුවෙන සී කාණ්ඩයේ තරග කිහිපයක් හෝ රුමේෂ්ට තෝරා ලබා දී තිබුණේනම් මේ තත්ත්වය වෙනස් නොවී තිබෙයි ද?


දැන් මෙවැනි කාරණා ගැන හෝ ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාර්යය ගැන කතා කර පලක් නැත.කුමන හෝ පරිපාලනය පැත්තෙන් සිඳු වූ පොඩි අතපසුවීම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වූ ලොකු අපහසුතා මලල ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇත්තය.ඒ සියල්ල අස්සේ සුදුසුකම් ලබා ඇති ක්‍රීඩිකාවන් දෙපළගේම පුහුණුකරුවෝ පළපුරුදු නිසා පුහුණුකරු සහ කළමණාකරු ලෙස යැවිය හැකිය.බොහෝ විට එහිදී නම් පරිපාලනය කල්පනා කර ඒ දෙදෙනාගෙන් පොඩි හෝ අතපසුවීමක් විය හැකි යැයි සිතා කළමණාකරු වශයෙන් ඉහළ නිලධාරියෙක් පත් කරන්නට ඉඩ ඇත.


මේ සියල්ල අතරේ තරංග වැනි ක්‍රීඩකයෙක්ට සිඳු වූයේ බර දැණුන විට වැසිකිළි සොයන සංස්කෘතියේ සිරකරුවෙක්ව අන්තිම මොහොතේ ඉන්දීය තරගාවලියේ දි මීටර් 85.50 ඉලක්කයට යාමට උත්සාහ කරන්නටය.මේවා ගැන විරුද්ධ වීමේ බල ව්‍යාපෘති ද ඇත.ඒවා තුළින් බලාපොරොත්තු විය හැක්කේ තිබෙන තත්ත්වයම වෙන පාර්ශවයක් විසින් ක්‍රියාත්මක කිරීම පමණක් විය හැකිය.වෙනස් විය යුත්තේ ආකල්පමය වශයෙන්ය.


මේ මොහොතේ බලය ගැනීම අපේක්ෂාවෙන් බලයට විරුද්ධ වන අයට ඉතාම පහසුවෙන් කළ හැකි දෙයක් තිබුණේය.ඒ අවසාන මොහොතේ පැවති ඔලිම්පික් විශේෂ තේරීමට ප්‍රවාහන වියදම් දරමින් එම තේරීමේ තරගවලට සහභාගි වූ ඔලිම්පික් ආසන්නයේ සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් තරග වඳින්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංවිධානය කර මඟ වියදම් දරමින් හෝ රැඟෙන ඒමට කටයුතු කිරීමය.


අපි බලයේ හිටියනම් ක්‍රීඩා අමාත්‍යංශයට කියලා ඒ වැඩේ කරනවා කියන්නෝ ද සිටිති.එසේත් නැත්නම් අපි බලයේ හිටියානම් කරන හැටි දනිති.මේ කාරණා දෙකම තීරණය වන්නේ බලයේ සිටීම කියන කාරණය මතය.එහෙත් බලයේ සිටියද නැති වුව ද රට අපේමය.ඒ නිසා ඒ ආකල්පයේ පිහිටා වැඩ කරන සංස්කෘතියක් සහ ඊට අදාළ සැළසුමක් නැතුව මේ ගමන යා නොහැකිය.අමාත්‍යංශයට බලයට පැමිණි දා සිට අත පා සිටින කිසිම සංගමයක් පලක් නැත.ඒවාට ස්වාධීනව දියුණු විමට ඉඩක් සහ ක්‍රමයක් තිබිය යුතුය.මලල ක්‍රීඩාං සංගමයටත් එහි පැරණි මූලස්ථානය පැවති තැන ඒ ආකාරයට හම්බ කරන්නට ඉඩක් තිබිණි.අද ඒවා නැත.


තවත් උදාහරණයක් ගතහොත් රගර් ක්‍රීඩාවේ නියැලෙන ප්‍රධාන ක්‍රීඩා සමාජ සෑම එකක්ම පාහේ අවන්හල්මය ලක්ෂණ සහිත විශාල මුදලක් ගැවසෙන තැන්ය.එවැනි මුදල් සමඟ රගර් පාලනය කරන සංගමය ණය ය.ඔවුන්ට උපයන්න ඉඩක් සැළසුමක් නැත.ඒ නිසාත් මහා සල්ලිකාර සංගම්වල ඉන්න මිනිස්සු තමන්ට ඕනෑ විදිහට රගර් පාලනය සකසා ගන්න මුදල් වියදම් කරමින් සිටියි.සංගමය සල්ලිවලට ගන්න හැකි මුදලක් ඒ ක්‍රීඩා සමාජ එකතු වුවහොත් තිබෙනවාට සැක නැත.එහෙත් ඒවායෙන් සංගමයේ මුල් පුටුවට බලයට පැමිණි පිරිස් කළේ මහා සංගමයේ ගිණුම හින්දවා එය ණය කර ක්‍රීඩාං සංගම්වල පෙණුම සහ බලය වැඩි කර ගැනීමය.


මේ උදාහරණය කල්පනාවට ගත යුතුය.අද නිදහසේ හිටපු මලල ක්‍රීඩා සංගමය ටොරිංටනයේ කාමරයකය.රගර් ක්‍රීඩාවත් එසේමය.මේවා ද ප්‍රශ්නය.සල්ලි තියෙන පරිපාලන අවශ්‍යය වන්නේය.ප්‍රාදේශීය පරිපාලන සක්‍රීය කිරීමට ඔවුන්ට බලයක් ලබා දිය යුතුය.ජාතික සංචිත නඩත්තු කළ යුතුය.අඩුම තරමේ එක ඉසව්වකින් තිදෙනෙක් හෝ මලල ක්‍රීඩාවේනම් සිටිය යුතුය.පෙර උදාහරණයකට ගත්තේ රගර් බැවින් එහිද තරගකාරී බලපෑම වැඩි කර ප්‍රධාන තරගාවලියට සෑම විටකම දෙවන කාණ්ඩයේ සූරයින් එක් කරන සහ පළමු කාණ්ඩයේ අන්තිමයා දෙවන කාණ්ඩයට දැමීම කළ යුතුය.සෑම කණ්ඩායම් ක්‍රීඩාවකම මේ දේ වෙනවානම් කාණ්ඩ දෙකේම ක්‍රීඩා කරන තත්ත්වය ඉහළට එසැවෙන්නේය.ජාතික සංචිතවලත් එවැනි තත්ත්වයක් ඇති කර ඉසව්වකදී පිටතින් එන කෙනෙක්ගේ ඉහළ දක්ෂතාවයක් පැමිණියහොත් ඒ වන විට සංචිතයේ සිටින අවම දක්ෂතාවය ඇති අයට එළියට යැවීමට ක්‍රමයක් සැකසිය යුතුය.
මේ ක්‍රමවේද නැති තැන රුමේෂ් තරංග ලා දිහා බලාගෙන අපි “අනේ අපරාධෙ” යැයි කියන්නෙමු.වැඩේ තියෙන්නෙ එවැනි අපරාධ විය හැකි ක්‍රමයක් අප නඩත්තු කිරීමය.තියෙන ක්‍රමයට ඔළුවක් සොයා බද්ද කිරීම තේරුමක් නැත.ක්‍රීඩාව නඩත්තු කළ හැකි මූල්‍යමය සම්පත් සහිත පුද්ගලයින්ට මලල ක්‍රීඩාවේ උප සභාපති තනතුරකටවත් පිවිසිය නොහැකිය.ඒ බහුතරය නොලැබෙන්නේ මලල ක්‍රීඩාවේ හිදිමින් එය විවේදනය කරන්නන්ගෙන්මය.ඒ නිසා මේ වැරදි තීරණ සාමූහිකව තමන්ගේද දායකත්වය ඇතුව ගත් ඒවාය.ඒවා වෙනස් වෙන්න තමන්ගේ ඔළුව වෙනස් කර ගැනීමේ හැඩය සහ අවශ්‍යයතාවය සොයා බලන්නේනම් වැදගත්ය.


අප හරිම තේරිම නොකිරීමෙන්ම මෙන්ම තෝරා ගත් දේ හරිම දේ වෙත මෙහෙයවන්න මැදිහත් නොවීමෙන්ද අත්වන අවැඩ ගැන හිතන්නට තරංගට වැටුණු ඔලිම්පික් සහභාගීත්වයේ විලංගුවම වුව ප්‍රමාණවත්ය.ලෝකයේ හොඳම වීසි කිරීම් 10 න් එකක් කළ එකෙක් ඔලිම්පික් යන විට තැබෙන බලාපොරොත්තුවේ බර වෙන බරවලට වඩා වැඩි නැද්ද? මේ සටහන ඒ බර විසින් තැබූ එකකි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan