බෙරිල් සුළි කුණාටුව ජැමෙයිකාවට ළඟා වේ; ගංවතුර අවදානම් පිලිබඳ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

Date:

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බෙරිල් සුළි කුණාටුව පසුගිය දින කිහිපය පුරා කුඩා කැරිබියන් දූපත්වල විශාල විනාශයක් සිදු කිරීමෙන් අනතුරුව මේ වන විට ජැමෙයිකාව දෙසට ගමන් කරන බව එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය(NHC) නිවේදනය කර තිබේ.

හතරවන කාණ්ඩයේ සුළි කුණාටුවක් ලෙස හඳුනා ගෙන ඇති බේරිල් කුණාටුව හේතුවෙන් මේ වන විට අවම වශයෙන් 10 දෙනෙකු මියගොස් නිවාස 8,000කට අධික ප්‍රමාණයක් විනාශ වී තිබේ.

එක්සත් ජනපද ජාතික සුළි කුණාටු මධ්‍යස්ථානය වාර්තා කළේ, කුණාටු අක්ෂි බිත්තිය ජැමෙයිකාවේ දකුණු වෙරළ තීරයට පහර දෙන බවත්, පැයට සැතපුම් 140 (පැයට කිලෝමීටර 225) පමණ සුළං තත්වයන් හා අධිල වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වයන් ඇතිවිය හැකි බවයි.

මේ සම්බන්ධයෙන් ජැමෙයිකාවේ ආපදා සුදානම් සහ හදිසි කළමනාකරණ කාර්යාලය විසින් අවදානමට ලක්විය හැකි පදිංචිකරුවන් මෙන්ම ගංවතුර අවදානම් ප්‍රදේශවල සිටින අයට ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇති අතර මධ්‍යස්ථානයට අනුව Grand Cayman, Little Cayman සහ Cayman Brac සඳහා සුළි කුණාටු අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ. හයිටියේ දකුණු වෙරළ තීරය සහ යුකැටන්හි නැගෙනහිර වෙරළ තීරය සඳහා සුළි කුණාටුවක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

මේ වන විට සුළි කුණාටුවෙන් ජිවිත බේරා ගැනීමේ පරමාර්ථ ඇතිව ජැමෙයිකානු අග්‍රාමාත්‍ය ඇන්ඩෘ හොල්නස් රට පුරා හදිසි ඇඳිරි නීති තත්වයක් නිකුත් කිරීමෙන් පසු දිවයිනේ ප්‍රධාන ගුවන් තොටුපළ වසා දමා ඇති අතර වීදි බොහෝ දුරට හිස්ව පවතියි.

බෙරිල් යනු 2024 අත්ලාන්තික් වාරයේ පළමු සුළි කුණාටුව වන අතර Saffir-Simpson අදියර පහක පරිමාණයෙන් ඉහළම කාණ්ඩයට ළඟා වූ වාර්තාගත මුල්ම කුණාටුවයි. එක්සත් ජනපද ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) මෙම වසරේ අසාමාන්‍ය සමයක ප්‍රධාන සුළි කුණාටු විශාල සංඛ්‍යාවක් පුරෝකථනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...