Thursday, March 30, 2023
spot_img

Latest Posts

නිපොන් සූරතාවය සූරතාවය මහනුවරට පළඟ සූරතාවය නාවිකයන්ට

නිපොන් පේන්ට් අනුග්‍රහයෙන් පැවති ජාතික රගර් ලිග් සූරතාවයේ අවසාන වටයේ තරග කිහිපයක් රටේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බූදය හමුවේ නවතා දැමුණ ද,ඒ දක්වා අවසන් කර තිබූ තරඟ අනුව සූරතාවය මහනුවර ක්‍රීඩා සමාජයට පිරිනැමීමට තීරණය විය.
ඉහත තීරණය මීට පෙර ද සාකච්ඡාවට ගෙන තිබූ අතර එය නැවත ශ්‍රී ලංකා රගර් විධායක සභාවේදී අනුමැතියට ලක් වී ඇති අතර එම තරගාවලියේ පළඟ සූරතාවය පිරිනැමෙන්නේ නාවික හමුදාවටය.ජාතික ලීග් සූරතාවය මෙන්ම අනෙකුත් ජාතික සූරතාවලද අනුග්‍රාහක ඒකාධිකාරය බිඳ,විකාශන අයිතිය ක්‍රිකට් ක්‍රීඩාවේදී මෙන්ම ක්‍රීඩාවට වෙනම ආකාරයේ ලාභයක් ලැබෙන පරිදි පවත්වා ගෙන යාමට ශ්‍රී ලංකා රගර් ගත් තීරණය මත දැඩි ගැටළු ගණනකාවට මුහුණ දුන් අතර මේ අවස්ථාවේදි තරඟාවලියේ විශාල දුරක් ගෙවී තිබියදී ද,ශ්‍රී ලංකා රගර් සමඟ අත්වැල් බැඳගන්නට නිපොන් පේන්ට් ඉදිරිපත් විය.ඒ සම්බන්ධයෙන් LNW වෙත නිපොන් පේන්ට් අනුග්‍රහය ප්‍රශංෂාව පළ කළ ශ්‍රී ලංකා රගර් සභාපති රිස්වි ඉල්ලියාස් මහතා ප්‍රතාශ කර සිටියේ ඉදිරියේදි මෙම සූරතා කුසලානය සහ පළඟ සූරතාවය පිරිනැමීම නිපොන් දායකත්වය ඇතිව පවත්වන්නට විධි විධාන යොදමින් සිටින බවය.
නිපොන් පේන්ට් පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි රගර් කණ්ඩායම් සමඟ ද අනුග්‍රාහකත්වයෙන් අත්වැල් බැඳ ගෙන ඇත.

RM

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.