ඉන්ධන පිරවුම්හලක් අසල පිහි ඇනුමකින් හමුදා සෙබළෙකුට තුවාල

Date:

ඇඹිලිපිටිය, 99 කණුව ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක ඊයේ (03) ඇතිවූ ගැටුමකින් හමුදා සෙබළෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

දින 5කට පසු ඊයේ එම ඉන්ධන පිරවුම්හලට ඉන්ධන තොගයක් ලැබී තිබුණු අතර එම තොගය අවසන් වීමත් සමග පෝලිමේ සිටි ජනතාව ඉන්ධන ඉල්ලා විරෝධය පළකර තිබේ.

ඒ අවස්ථාවේදී පුද්ගලයින් දෙදෙනෙකු එම පිරවුම්හලේ ආරක්ෂාවට යොදවා සිටි හමුදා සෙබළෙකු සමග බහින්බස්වීමක් ඇතිකරගෙන ඇති අතර එය දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු සෙබළාගේ ගිනි අවිය උදුරාගැනීමට තැත්කර ඇති අතර අනෙක් පුද්ගලයා සෙබළාට තියුණු ආයුධයකින් පහරදී ඇති බව සඳහන්.

සිද්ධියෙන් තුවාල ලත් හමුදා සෙබළා ඇඹිලිපිටිය මහ රෝහලට ඇතුළත් කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීලයේ ෆවෙලාහි හදීසි වැටලීමකින් පුද්ගලයන් 64ක් ජිවිතක්ෂයට; 81ක් දෙනෙකු අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 29: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බ්‍රසීලයේ රියෝ...

පියල් මනම්පේරිට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : මිද්දෙණිය ප්‍රදේශයේදී අයිස්...

ටිල්වින් සිල්වාට ආරක්ෂාව දෙන්නේ එයත් පාතාලේද?

කොළඹ LNW: බලය ලබා ගැනීමට පෙර පැවසුවේ ආරක්ෂාව අවශ්‍ය...