ගිනි කන්දක් උඩ ඉඳගෙන අපි ටෙනිස් බෝල ගහනවා – විමල්

Date:

ඡන්දයෙන් පැරදී ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත් වූ පමණින් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බව ආණ්ඩුව තවමත් තේරුම් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. එවැනි අගමැතිවරයෙකුගේ ආණ්ඩුවකට ජාත්‍යන්තර විස්වාසය දිනාගත නොහැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ දිනෙන් දිනම ජනතාව මුහුණ දෙන ප්‍රශ්න උග්‍ර වන බවයි. කිසිදු ප්‍රශ්නයකට විසඳුම් ලැබී නොමැති බවත්, අවම තරමින් ජනාධිපතිවරයෙකු රටේ සිටිනවාද යන්න බරපතල ගැටලුවක් බවත් මන්ත්‍රීවරයා පවසයි.

එසේ තිබියදී වත්මන් අර්බුදය සාකච්ඡා නොකරන කලින් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම කිසිදු තේරුමක් නොමැති බවද වීරවංශ මහතා පවසනවා.

පාර්ලිමේන්තු සතිය අද ආරම්භ වූ අතර අද දිනයම වෙන්කර තිබෙන්නේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් ඇමතිවරුන් වෙත යොමුකර ඇති ප්‍රශ්න සඳහායි.

විමල් වීරවංශ මහතා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ජනතාවගේ මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගේද විස්වාසය දිනාගත හැකි පාලනයක් ස්ථාපිත කිරීම මුලින්ම සිදුකළ යුතු බවයි. ඒ සඳහා හොඳම විසඳුම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම බවත්, පාර්ලිමේන්තුවේ දෙපැත්තට බෙදී වාද විවාද පසෙක තබා සියලු දෙනාම එකට එකතු වී අර්බුදයට විසඳුම් සෙවිය යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

අපි මේ සිදු කරන්නේ ගිනි කන්දක් උඩ සිටගෙන ටෙනිස් බෝල ගැසීම වැනි අතිශය භයානක ක්‍රීඩාවක් බව සියලුදෙනාම අවබෝධ කරගත යුතු බවද ඔහු පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...