ජපන් තායිසේ සමාගමෙන් කොමිස් ඉල්ලූ ඇමතියා කවුද ??

Date:

ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් දූෂිත හෙයින් ශ්‍රී ලංකාවට ආධාර ලබා නොදෙන බවට මෙරට ජපන් තානාපතිවරයා විපක්ෂයේ දේශපාලන පක්ෂයක නියෝජිතයින් පිරිසක් සමග ප්‍රකාශ කළේයැයි යනුවෙන් පුවතක් පසුගියදා පුවත්පතක පළවී තිබුණු අතර එය මහත් ආන්දෝලනයකට ලක්වී තිබිණි.

එම පුවත දුටු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජපන් තානාපති කාර්යාලය අමතා මෙවන් ප්‍රකාශයක් සිදුකළේ ඇයි දැයි විමසා ඇත.

එහිදී ජපන් තානාපති කාර්යාලය පවසා ඇත්තේ එවන් ප්‍රකාශයක් සිදුකළේ ඊට සාක්ෂි තමන් සතුව ඇති නිසා බවයි. කෙසේවෙතත් එය ජනමාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වීම නිසා ශ්‍රී ලංකා රජය පත්ව ඇති අපහසුතාවය පිළිබඳව සලකා බලා ඒ සම්බන්ධයෙන් තමන් වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත.

ඉන් අනතුරුව තමන් සතු සාක්ෂි හෙළිකරමින් ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ කටුනායක, බණ්ඩාරනායක ගුවන් තොටුපලේ පුළුල් කිරීම් කටයුතු සිදුකරන තායිසේ (Taisei) නම් ජපන් සමාගමෙන් මෙරට කැබිනට් අමාත්‍යවරයකු ඇමරිකානු ඩොලර් මිලියන ගණනක කොමිස් මුදලක් ඉල්ලා ඇති බවයි. එම සමාගම එසේ කොමිස් මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් ජපන් තානාපති කාර්යාලය ජනාධිපතිවරයාට සඳහන් කර තිබේ.

මෙම ඇමතුම නිමවූ සැණින්ම අනෙක් අතට එකී අමාත්‍යවරයාට දුරකථන ඇමතුමක් ගෙන ඇති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට දැඩි සේ දෝෂාරෝපණය කර ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ ඇමතිවරයා ඌව පළාතේ බඩ මහත ඇමතිවරයකු වන අතර නිදහසේ සිටින ඔහු දශක දෙකක පමණ කාලයක සිට මොන ආණ්ඩුවක් පැමිණියත් ඇමති ධුරයක් ලබාගන්නෙකු වශයෙන් ප්‍රකට වී ඇති බවත් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...