ශ්‍රී ලංකාවේ මෑත ආර්ථික ප්‍රකෘතියන් හරහා ඇත්තටම ප්‍රයෝජන ලැබුවේ කවුද?

By Joseph G.

ඕනෑම ආර්ථික ප්‍රකෘතියක් එක් මූලික ප්‍රශ්නයක් මතු කරයි: ඇත්තටම එහි ප්‍රතිලාභ ලබන්නේ කවුද? ලැබුවේ කවුද?

ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින තත්ත්වය තුළ මෙම ප්‍රශ්නය වඩාත් වැදගත් වේ. රජය ආර්ථික ස්ථායීකරණය, විදේශ සංචිත ඉහළ යාම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් රටක් ලෙස වර්ගීකරණය කිරීම යන කරුණු පෙන්වා දෙමින් “ප්‍රකෘතිය” ගැන කතා කරයි. නමුත් මේ සංඛ්‍යාත්මක සාර්ථකත්වයන් යටින් තවත් අපහසු සත්‍යයක් සැඟවී ඇත. එනම්, මෙම “ප්‍රකෘතියේ” ප්‍රතිලාභ සමානව බෙදා හැරී ඇති ද බවයි.

බහුතර ශ්‍රී ලාංකිකයන්ට මෙම “ප්‍රතිසංස්කරණ කාලය” යනු කැපකිරීම්වල කාලයක් විය. බදු වැඩිවීම්, සහනාධාර අඩුවීම්, විදුලි හා ජල ගාස්තු ඉහළ යාම, ණය පොලී ඉහළ යාම සහ සැබෑ ආදායම් අඩුවීම නිසා සාමාන්‍ය පවුල් දැඩි පීඩනයකට ලක්වුණි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බොහෝමයක් තවමත් දැඩි අරගලයක නිරිත වෙමින් සිටි. රාජ්‍ය සේවකයන් හා විශ්‍රාමිකයන්ගේ ක්‍රයශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) බරපතල ලෙස පහත වැටිණි. බොහෝ පවුල් ආහාර පරිභෝජනය අඩු කරමින්, වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද කරමින්, දරුවන්ගේ අධ්‍යාපන වියදම් පවා සීමා කරමින් ජීවිතය ගෙන යති.

නමුත් මෙම පීඩනය ජනතාවගේ බහුතරය මත පතිත වන අතර, සමාජයේ තවත් කොටසක් එම කාලය තුළ ශක්තිමත් වී ඇති බව පෙනේ.

වත්කම් හිමියන්, ඉහළ ආදායම්ලාභීන් සහ ප්‍රාග්ධනයට පහසුවෙන් ප්‍රවේශ විය හැකි පිරිස මෙම කාලය තුළ වඩාත් වාසිදායක තත්ත්වයකට පත් වී ඇති බව පෙනේ. ඉහළ පොලී අනුපාත විශාල තැන්පතුකරුවන්ට වාසිදායක විය. තෝරාගත් අංශවල වත්කම් මිල ඉහළ ගියේය. මූල්‍ය වෙළෙඳපොළවල ලාභ ලැබුවේ මුදල් සහ ආයෝජන හැකියාව ඇති පිරිසය. සුඛෝපභෝගී භාණ්ඩ පරිභෝජනයේ වැඩිවීමත්, ඉහළ වටිනාකමකින් යුතු වාහන මිලදී ගැනීම්ත්, මෙම ප්‍රතිලාභ කාට ලැබුණාද යන්න පිළිබඳ පැහැදිලි සංඥා ලබා දෙයි.

ප්‍රශ්නය සමහරුන් සාර්ථක වීම නොවේ. ප්‍රශ්නය වන්නේ බහුතරය විඳින වේදනාවෙන් වෙන්ව, සාර්ථකත්වය ඉතා සීමිත පිරිසකට පමණක් සීමා වීමයි. ආර්ථික ප්‍රතිපත්ති වැඩි වශයෙන් ප්‍රාග්ධනය ආරක්ෂා කරනවාද, කම්කරුවන්ට වඩා ධනවත් පිරිසට වාසි ලබාදෙනවාද යන්න පිළිබඳ හැඟීමක් ජනතාව තුළ ඇතිවීම එහි භයානක පැත්තයි.

එම හැඟීම ඉතා වැදගත්ය. ආර්ථික ප්‍රතිසංස්කරණ සාර්ථක වීමට ජනතාවගේ සහයෝගය අවශ්‍යය. එය පවතින්නේ බර සාධාරණව බෙදා ගන්නා බවට ජනතාව විශ්වාස කරන විට පමණි. නමුත්, වැටුප් ලබන ජනතාව, කුඩා ව්‍යාපාරිකයන් සහ අසරණ පිරිස් මත කැපකිරීම් පතිත වන අතර, මූල්‍ය බලය ඇති අතළොස්සකට පමණක් ප්‍රතිලාභ ලැබේ නම්, සමාජ විශ්වාසය බිඳ වැටේ.

විවිධ මත තිබුණද, පළමු අදියරේ ප්‍රතිසංස්කරණ මගින්, සාර්ව ආර්ථික ස්ථාවරතාවයක් ඇති කළ හැක. එහෙත්, ප්‍රකෘතිය මිනුම් වන්නේ සංචිත ඉහළ යාමෙන් හෝ උද්ධමනය පහළ යාමෙන් පමණක් නොවේ. එය රැකියා නිර්මාණය, ව්‍යාපාර ප්‍රබෝධය, වැටුප් වැඩිවීම, සෞඛ්‍ය පහසුකම් සහ ජනතාවට ලැබෙන අවස්ථා මත මැනිය යුතුය.

එසේ නොවන්නේ නම්, අද කිහිප දෙනෙකු විසින් “ප්‍රකෘතිය” ලෙස සැමරෙන දේ, බහුතරයට “අපව ඉවත් කළ ආර්ථික ක්‍රියාවලියක්” ලෙස පෙනෙන්නට පුළුවන.

අවසානයේ, ඕනෑම ආර්ථික ප්‍රකෘතියක තිරසාරභාවය තීරණය වන්නේ එය කොපමණ ධනයක් නිර්මාණය කළාද යන්නෙන් නොව, එහි ප්‍රතිලාභ කොපමණ දුරට සාධාරණව බෙදා හැරුණාද යන්නෙන්ය.

අද ශ්‍රී ලංකාව මුහුණ දෙන වැදගත්ම ප්‍රශ්නය එයයි: මෙම ප්‍රකෘතිය සමස්ත ජනතාවටම ද? නැත්නම් වාසනාවන්ත අතළොස්සකට පමණක්ද?

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන නෞකා පිරිසක් ගාල්ලට පැමිණීම ගැන නි. ඇමති හංසකගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ගාල්ල වරායට පැමිණි...

මාතර තලල්ල වෙරළින් හමු වූ පාර්සල් සහ ගමන් මළු වල මත්ද්‍රව්‍ය කිලෝ 475ක් !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

‘Comfort Care Home’ සහන සත්කාර මධ්‍යස්ථානය යාපනයේ දී විවෘත වෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 24, කොළඹ LNW : ජීවිතයේ අසීරුතම කාල...

ප්‍රංශයේ විරෝධතා උත්සන්න වෙයි: 70,000ක ආරක්ෂක බලකායක් යොදවයි – දහස් ගණනක් අත්අඩංගුවට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : ප්‍රංශය...