50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා පාපැදි ශූරතාව වයඹ පළාතේ ඒ.එම්. දිනේෂා දිල්රුක්ෂි දිනා ගනියි.

රෂිකා හෙන්නායක ජූලි 04, කොළඹ LNW :

රන් ජයන්තිය සලකුණු කරමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල – 2026 ට සමගාමීව අද පැවැත්වුණු කාන්තා පාපැදි තරඟයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගැනීමට වයඹ පළාත නියෝජනය කළ ඒ.එම්. දිනේෂා දිල්රුක්ෂි සමත් වූවාය.

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ වූ මෙම තරඟයේදී ඇය පැය 2:16:03 ක (Hand Timing) කාලයකින් තරඟය නිමා කරමින් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් විය.

තරඟාවලියේ දෙවන ස්ථානය ද වයඹ පළාතේම පී.ඒ.එස්. ප්‍රියදර්ශනී විසින් දිනාගත් අතර, තෙවන ස්ථානය බස්නාහිර පළාත නියෝජනය කළ ආකාශා සඳමිණි හට හිමිවිය.

මේ අතර තරඟයේ දක්ෂතම මධ්‍යන්තර ධාවිකාව හිමි ‘Inter Medium Sprinter’ සම්මානය දිනා ගැනීමට සමත් වූයේ ද වයඹ පළාතේ ඩබ්ලිව්.ආර්. මධුමාලි ප්‍රනාන්දු ක්‍රීඩිකාවයි. මෙම ජයග්‍රහණ සමඟින් මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ කාන්තා පාපැදි තරඟාවලිය තුළ වයඹ පළාත් ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුක්රේන යුද්ධය ආරම්භ වූ දා සිට සෑම මිනිත්තු හතරකට වරක් රුසියානු සෙබළෙකු මිය යන බව අනාවරණය වේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 25: යුක්රේනය ආක්‍රමණය...

වැසි තත්වයේ වෙනසක් – ප්‍රදේශ රැසකට මි.මී. 100ට වැඩි තද වැසි

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 25) දිනයේදී උතුරු, උතුරු...

ජනාධිපතිතුමනි, ළඟ නොබලන්න… දුර බලන්න…

ජනාධිපතිතුමනි, සුබ උපන්දිනයක් ... එහෙම කිව්වට ඇත්තටම මේ මොහොතේ ඔබතුමාට...

බංග්ලාදේශයේ හිටපු අගමැතිනී ෂෙයික් හසීනා දෙසැම්බර් 16 වැනිදා යළි බංග්ලාදේශයට පැමිණීමට සැලසුම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 25: වසර දෙකකට වැඩි...