ස්මාර්ට් ජංගම දුරකතනයක් ඇති ඕනෑම අයෙකුට අදහසක් ඉදිරිපත් කළ හැකි බව අමෙරිකානු තානාපතිනි කියයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): කොළඹ පැවති උත්සවයකට එක් වෙමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය ප්‍රකාශ කළේ , ස්මාර්ට් ජංගම දුරකතනයක් සන්තකයේ තබාගෙන සිටින සෑම කෙනෙකුටම කතාවක් පැවසීමට, අදහසක් ඉදිරිපත් කිරීමට හෝ මතයක් ප්‍රකාශ කිරීමට සහ ප්‍රේක්ෂකයින් වෙත ළඟා වීමට හැකියාවක් පවතින බවයි.

ක්‍රියාකාරී සමාජ මාධ්‍ය පරිශීලකයෙකු ලෙස එය තමා සත්‍ය බව දන්නා බව ඇය ප්‍රකාශ කර ඇත .

ඇය එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කර තිබුණේ, සාමාන්‍ය පුරවැසියන් විසින් තම ජංගම දුරකථනවලින් පමණක් සන්නද්ධව බොහෝ විට පවත්වනු ලබන වාර්තාකරණ හරහා කිසිවෙකුගේ බලපෑමකින් තොරව සත්‍ය සමාජගත කිරීමේ වැදගත් අවස්ථාවක් ද පවතින බවයි.

තානාපතිනිය වැඩිදුරටත්  අවධාරණය කර සිටියේ , සමස්තයක් වශයෙන් එය ප්‍රතිලාභයක් වන නමුත් විකෘති කතාවක් පැවසිය හැකි බව මතක තබා ගැනීම ඉතාමත්  වැදගත් බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල්ගේ නිදහස වෙනුවෙන් එරික් සෝල්හයිම්ගෙනුත් පණිවිඩයක්!

කොළඹ LNW: හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම...

කොළඹ දකුණ පෙරමුණ ගනියි

නිශ්මං රණසිංහ අගෝස්තු 25, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවන යූත්...

ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම උෂ්ණත්වයකට මුහුණ දේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 25: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය වාර්තාගත ඉහලම...