*
Monday, July 8, 2024
spot_img

Latest Posts

දරුවන්ට පමණක් නොව ප්‍රතිපත්ති සම්පාදනය කරන අයට පවා හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතුයි – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

අධ්‍යාපනය යනු මුළු රටම ගොඩගත හැකි උපාංගයක් බවත් එය ජාතිවාදය ජාතිභේදය, ආගම්වාදය ආගම්භේදය නැති කිරීමට උපකාරි වන බවත් ප්‍රතිපත්ති සම්පාදකයන්ට හොඳ අධ්‍යාපනයක් තිබුණා නම් සාක්ෂි කේන්ද්‍රීය ප්‍රතිපත්ති නිර්මාණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

කොරෝනා කෝවිඩ් සමයේ ආදාහනය ද භූමදානය ද යන ගැටලුවේ දී බරපතල ගැටලු රාශියක් ඇති වූ බවත් රටක් ලෙස ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සාක්ෂි පදනම්ව, විද්‍යාත්මක අධ්‍යයන මත පදනම්ව සහ දත්ත කේන්ද්‍රීයව සිදු වන්නේ නම් කවදාවත් එවැනි ගැටලු ඇති නොවන බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

වෙනදට මන්දපෝෂණය, මාතෘපෝෂණය, ළමා පෝෂණය ගැන කතා කරද්දි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, යුනිසෙෆ් එකෙන් උපදෙස් ගත්තත් භූමදානය ආදාහනය ගැටලුවේ දී මේ කිසිදු ආයතනයක් පැවසූ දේවල් නොඅසා ජාතිවාදී අදහස් මූලික කර ගෙන එක් ජන කොට්ඨාසයක් ඉලක්ක කර ගෙන පහර දුන් බවත් අප රටක් ලෙස අධ්‍යාපනය දියුණු කර ඇත්නම් දියුනු අධ්‍යාපනය තුළ විද්‍යාව මත සාක්ෂි මත දැනුම කේන්ද්‍රීයව ප්‍රතිපත්ති සකස් කරන ක්‍රමයක් තිබුණා නම් මෙවැනි ගැටලුවක් ඇති නොවන බවත් ලෝකයේ කිසිම රටක් ආදාහනය හා භූමදානය ගැටලුව ඇති නොවුවත් අප රටේ ඇති වූ බවත් එම නිසා ප්‍රතිපත්ති සම්පාදනය කරන අයට පවා හොඳ අධ්‍යාපනයක් ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 280 වැනි අදියර යටතේ මඩකලපුව කල්කුඩා වාලච්චේන අන්නූර් ජාතික පාසලට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ පුස්තකාලය සඳහා ඉංග්‍රීසි පොත්පත් ලබා ගැනීම සඳහා පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් ද ඒ මහතා පරිත්‍යාග කළේය.

මේ අවස්ථාව සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු ආණ්ඩුකාර ආචාර්ය එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ද එක්විය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 61කට රුපියල් ලක්ෂ 1837ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ ලබාදී තිබේ. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 88ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4292ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 280 ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3062ක් වැය කර තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan