නිමල් සිරිපාලගේ පැමිණිල්ල දයාසිරිට හරස් වෙලා.පක්ෂ මුලස්ථානයට ඇතුල්වීමට පොලීසිය දයාසිරිට දී නැහැ!

කොළඹ LNW:තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමට නීතිමය අවසරය තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පක්ෂ මූලස්ථාන කාර්යාලයට ඇතුල් වීමට අද (05) ඉඩක් නොලැබුණි.

ඒ පක්ෂයේ සභාපතිවරය ලෙස අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දයාසිරි ජයසේකර මහතා පක්ෂ මූලස්ථානයට ඇතුල් වීම වළක්වාලීම සඳහා කර තිබෙන පැමිණිල්ල හේතුවෙනි.

කෙසේවෙතත් දයාසිරි ජයසේකර මහතාට සහය පළකරමින් ශ්‍රීලනිප පාක්ෂිකයින් කණ්ඩයමක් ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානය ඉදිරිපිට රැස්ව සිටි අතර එම ස්ථානයට පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණි.

ඒ අනුව කිසිවෙකුට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය වෙත ඇතුල් වීමට අවසර නොලැබුණි.

තවදුරටත් තමන් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස කටයුතු කිරීමේ නීතිමය බලය ලැබී තිබියදීත් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාගේ මෙම බාධා කිරීම අධිකරණයට කර තිබෙන අපහාසයක් හෙයි ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි දයාසිරි ජයසේකර මහතා අවධාරණය කළේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Dujuan සුළි කුණාටුව ජපානයට තර්ජනයක් වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දුජුආන් ප්‍රබල සුළි...

සෞදි මරණ දඬුවමෙන් සිවරාසා අනෝජන් බේරාගැනීමේ රාජ්‍ය මැදිහත්වීමක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : සෞදි අරාබියේදී මරණ...

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...