ධම්මික පෙරේරා තමන්ගේ ජනාධිපති අපේක්ෂක සූදානම ගැන අද ප්‍රසිද්ධියේම කතා කරයි!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන්ව තෝරාගන්නේ නම් තමන් ඊට සූදානම් බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පැවසුවේය.

ධම්මික පෙරේරා මහතා මේ බව සඳහන් කළේ අද (05) රොස්මිඩ් පෙදෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව කාර්යාලය විවෘත කිරීමට එක්ව සිටි අවස්ථාවේදීය.

පක්ෂය විසින් තමන්ව තෝරාගන්නේ නම් ජනාධිපතිවරණය ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු ආරම්භ කරන අතර පක්ෂයේ තීරණය ලැබෙන තුරු තමන් බලා හිඳින බවයි ඔහු කියා සිටියේ.

දැනටමත් තමන් ඒ වෙනුවෙන් කටයුතු කරමින් සිටින බවද ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීරණය කුමක්ද යන්න දෙස තමන් බලා හිඳින බවයි ඔහු ප්‍රකාශ කළේ.

”දැන් වෙනකොට රටෙන් 44%ක් කාටද ජන්දය දෙන්නේ කියල ඩිසයිඩ් කරලා නැහැ. ඇයි? කොච්චර ස්ටේජ්වල ලොකුවට කතා කළාට ආර්ථිකය දියුණු කරන්න පුළුවන් කොහොමද කියල කවුරුත් කියන්නේ නැහැ. මම ජනාධිපතිවරණයට එන්න සූදානම්. හැබැයි ලංකාවේ තියෙන ලොකුම දේශපාලන පක්ෂය තීරණය කරන්න ඕනේ කවුද ජනාධිපතිවරණයට එන අපේක්ෂකයා කියල. ඒක බලාගෙන මම ඉන්නවා. මැතිවරණයක දිනන්න වැඩ කටයුතු ටික මම කරගෙන යනවා. ඊට අමතරව මට තියෙන ලොකුම දේ තමයි ආර්ථිකය දියුණු කරන්න මම ස්ටේජ් එකකට ආවොත් ආර්ථිකය දියුණු කරන එක ගැන මම කියන්න වෙනවා. ඒ නිසා මම ඒ වැඩපිළිවෙල සකස් කරමින් ඉන්නවා. මම හිතන්නේ පොදුජන පෙරමුණට බාරයි කවුද එන්නේ කියන එක ගැන තීරණය කරන එක. අද දැන් සමහර දේශපාලන පක්ෂ අවුරුදු දෙකක් විතර තිස්සේ ජනාධිපතිවරණ කැම්පේන් එක කරනවා. හැබැයි කාටවත් මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ රටේ ආර්ථිකය හදන්නේ කොහොමද කියල. හැබැයි අපිට තියෙන්නේ තව දවස් 90යි. ඒ 90 ඇතුලේ අපි කියන්න ඕනේ ආර්ථිකය හදන්නේ කොහොමද කියල. ඒ කන්ෆිඩන්ස් එක තමයි මිනිස්සුන්ට ඕනේ. හැබැයි අධ්‍යාපනය හදන්න ඕනේ කොහොමද කියල මගේ පුද්ගලික ධනය වියදම් කරලා සම්පූර්ණයෙන්ම හදල ඉවරයි. ආයේ කාටවත් ඇවිල්ල හදන්න දෙයක් නැහැ. ඉස්කෝල දහදාහටම සමාන අධ්‍යාපනයක් දෙන්න ඕනේ නම් සුහුරු පන්ති ටික විතරයි හයි කරන්න ඕනේ. මොකද මගේ DP එඩියුකේෂන් ෆ්ලැට්ෆොර්ම් එක තියෙනවා. දැන් හැමෝම බලන් ඉන්නවා ආර්ථිකය හදන්නේ කොහොමද කියල. අපිට දවස් 60ක් ඇති ආර්ථිකය හදන්නේ කොහොමද කියල එක්ස්ප්ලේන් කරලා අර ජන්දේ දාන්නේ නැති ජන්දදායකයින්වත් මේ පැත්තට හදාගන්න.” යනුවෙන් ධම්මික පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද එක්ව සිටියේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

නිසරු දෙමාපියන් වෙනුවෙන් දරු ප්‍රසූතියට රොබෝවරයකු සූදානම්? තාක්ෂණය ගිය දුරක්!

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...